Wednesday, July 3, 2013

නුඹෙන් දුටු පිළිරුවේ... අරුත ආදරය නම්..... වෙන කෙනෙක් නොව ලඳේ... මුළු හිතම ඉල්ලුවේ....

 https://www.youtube.com/watch?v=BdFDHxyfZXY

මේ සිංදුවට පහල lyrics දාල කියල බලන්නකෝ.....හිතේ තියෙන දේවල් වලින් ලිව එකක්..... ඔයාටමයි ලිවේ නංගියෝ..... කොහොම හරි මේ මාස දෙකත් මං ඉවසන්නම්..... 

හිනැහිලා.. සොඳුරියේ නුඹ ඇස් වලින්....
කියූ කතා.. තෙත් කරයි මගෙ ඇස් පියන්...
ගොළු වෙලා.. හිදින්නේ කෙලෙස මේ ලෙසින්....
කිව මැනේ.. වචනයක් හෝ ඔය මුවින්.....

තනි වෙච්ච හීනේ ඉඳන්.. නුඹේ රූපේ හිත මවන්...
රවටන්නෙමි.. මගේ හිතම හෙමි හෙමින්..... //

තනි වෙච්ච ජීවිතේ... කඳුළු වැටෙනා තරම්....
නොදැනේද සොඳුරියේ..නුඹේ හිතේ බිඳුවකින්.....
නුඹෙන් දුටු පිළිරුවේ... අරුත ආදරය නම්.....
වෙන කෙනෙක් නොව ලඳේ... මුළු හිතම ඉල්ලුවේ....

එක හිනාවක් නුඹේ.. අමා සුවයක් තරම්....
පන පොවයි මගේ හිතේ.. යන්තමින් මට හොරෙන්.....
ගුලි වෙච්ච හදවතේ.. පිරෙන හුස්මක් වගේ...
පෙම් කරමි මගේ ලඳේ.. ගන්න හුස්මක් තරම්.....

හිනැහිලා.. සොඳුරියේ නුඹ ඇස් වලින්....