Thursday, January 31, 2013

තෙත බරිත ඇස් දෙකම වියලාවී නුඹේ ඒ සිනා.......

හිත් අහසේ නුඹ ඇන්දු සිතුවිල්ල සේයා මවා....
මොහොතකට හිනැහෙන්නෙ නුඹ මාගෙ වේ යයි සිතා. .....
හිතවතියෙ නුඹ නැතිව දිවි ගමන තනි වේදෝ මා.....
ජීවිතය නුඹේ නමට ලියවීල අවසන් නිසා......

තනි වෙච්ච හීනෙකට පණ දීල නුඹ ආ නිසා. ..
තෙත බරිත ඇස් දෙකම වියලාවී නුඹේ ඒ සිනා....
දුර උන්නු නුඹේ රුවද ගෙන ආවෙ සුසුමක් නිසා..
අවසරද ලං වෙන්න ඔය හිතට ආදරෙයි සදා.....

Monday, January 28, 2013

සත්තටම මං ඔයාට ගොඩාක් ආදරෙයි.........

තුන් හිතකවත් නොවුනු....
හැගුම් මල්වර කරන්....
නුඹ ආව මගේ හිතට....
පැතුම් විකසිත කරන්....

රෑ හීනේ තනි වෙලා......
සිටින විට හිත පුරා........
හැගුම් පුබුදයි එදා.....
අපේ නෙත් කෙරු කතා.....

දෑස මත්තෙහි හිදින...
නුඹ මගේ නම් ඉතින්.....
අවසරද මියුලැසිය....
සිප ගන්න නුඹේ දෙතොල්......

Sunday, January 20, 2013

පණක් දෙන්නට....... අතරමගකට.... ඇවිත් යනු මැන.... තත්පරේකට.....

හීන අස්සට.... ගුලි වෙලා නුඹ...
ලියූ කවි පද.. හැගුම් පොදි බැද....
පේන මානෙට.... නුඹ ආව දින....
කියමි කවි නුඹේ... තුරුලේ වෙලීගෙන...

තොදොල් බස් නුඹේ... හිත පුරාවට....
අහන්නට හිත.... මවන හීනෙට.......
පණක් දෙන්නට....... අතරමගකට....
ඇවිත් යනු මැන.... තත්පරේකට.....

Tuesday, January 8, 2013

වැටුණු කඳුලද - ඇහිඳ ගෙන මම............

නොදැන හිටියාට - නුඹේ වත ගොත....
දුක් විදිමි මම - හිත යටින් අද......
සොඳුරු වූ නුඹේ - උපන්දිනයට.....
අවසරත් නැත - සුබ පතන්නට.....

නොඇසුනත් නුඹ - හට මෙලෙස අද......
හදවතින් පතනා - පැතුම් ගොඩ...
වැටුණු කඳුලද - ඇහිඳ ගෙන මම....
පතන්නෙමි සුබ - දවස හෙට නුඹට........

අද තමා
දැන ගත්තේ ඔයාගේ උපන්දිනේ දවස නංගියෝ......... පරක්කු උනාට සමා වෙන්න......හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉස්සරහ මුළු ජීවිතේම ලස්සන වෙන්න කියල...... ලබන අවුරුද්දෙවත් ඔයාට සුබ පතන්න මට අවසර තියේවි කියල මං බලන් ඉන්නවා... බුදු සරණයි ඔයාට......

Monday, January 7, 2013

තිත්ත කළුවරේ....

තිත්ත කළුවරේ....
ඈත කොනක මට.....
හීනියට පොඩි....
එළියක් පෙනේ.......

පෙනෙන ඒ පොඩි...
එලිය දෙස මම....
නෙත් යොමාගෙන....
ඉමි මෙසේ........

Wednesday, January 2, 2013

ඉතින් සොදුරිය.... නුඹ නොමැති මේ.... රැයේ කෙලෙසකට.... ඇස් පියන්නද......

හීනයක් මට....
කීව නුඹ ගැන....
නුඹත් නිදි නැති....
වගක් රහසින....

නෙතු පියන් නුඹ....
යහන මත හිද....
මවන වග මා....
රුවම සිහියට......

ඉතින් සොදුරිය....
නුඹ නොමැති මේ....
රැයේ කෙලෙසකට....
ඇස් පියන්නද......