Thursday, August 30, 2012

සිටිමි නුඹේ මතු දවස සුබ කෙරුමට....


අරුතක් නොදන්න අකුරු හතරකට...
කවි පද ලියවෙයි නොදැනීම සිත යට..
ලියවෙන ඒ පදවල අයිතිය ලබනට...
නොදැනීම නුඹේ නම එයි ඉදිරියටම....

හිත යට හිනැහෙන නුඹේ ඔය රුව දෙස..

බලාන ඉන්නෙමි වසා මගේ නෙතු...
ආසයි දකින්න හැබැහින් ඔය නෙතුයුග...
හැකිනම් එනු මැන මගෙ දෑස මානෙට...

දන්නවනම් නුඹ පතන පැතුම් මම...
නොඉදී කෙදිනකවත් නුඹ මේ ලෙස.....
හිත තුල තද කරගෙන හැගුමන් මම...
සිටිමි 
නුඹේ මතු දවස සුබ කෙරුමට....

Sunday, August 26, 2012

UNTITLED


දුටුවෙමි ලස්සන යුවතියක්
සුරතල් වේවි
හිනැහෙන අන්දම
ඇගෙ සොහොයුරා සමග....

මේ දසුන දුටුව කල
දවාලිය මසිතම
පුංචි කල පටන් මට
පැනනැගුනු තනිකමට....

එක කුස උපන් නැගණියක්
නොමැති වූ තනිකමින්
පෙලිමි මම මුළු හදින්
සත්තටම පෙර පටන්...

අප අතරට එන්න පෙරම
යන්න ගිය ඒ සුරංගනාවිය
සිටියානම් අප අතරෙහිම
සුන්දරයි ඒ ජීවිතයම.....

පද පේලි නොම එයි
සිත හැගුම් පවසන්න
මුළු හදින් පෙම් බදිමි
සිහිනයක් වූ මගේ නැගණියට...

Wednesday, August 22, 2012

අයියෝ සල්ලි කිවලු....

ඊයේ රෑ නින්දේදී

දැක්කෙමි මරු හීනයක් මම
පට්ටම පට්ට ප්‍රාඩෝවක්
පැදන් යන මාවම........

උදේ නවයට නැගිටලා

ආවෙමි shop එක බලා
පාර අයිනට කොරලා
පාර්ක් කොලෙමි මගේ කාර් පැටියා.........

පයින් යන අතරමඟ

දුටුවේ ස්වීප් කඩයක් මැ
ඊයේ හීනය මතක් වෙලා
නැවතුනෙමි ඒ අසල මෙමා.........

කෝටි තුනකි පළමු තෑග්ග

උඩ ඉන්දුනි මගේ ඇස් දෙක
ඊයෙ හීනේ පවර් එකට
ගත්තෙමි රු.100කම ටිකට් මම........

ප්‍රාඩෝ හීනය බලන්

ඈඳි ගත්තෙමි 9ට රූප පෙට්ටිය ලඟ
අදාල චැනලය කරකවා
බලන් උන්නෙමි වැටෙනා අංක දිහා.........

උඩ ඉන්දුනි දෑසම යළි

එකක්වත් නැත ටිකට් 5කම
හෙනම ගහපන් ඊයේ හීනෙට
අතින් කයිට් විය 100කට මට........!!!!!

Sunday, August 19, 2012

අනේ නුඹ ලග ඉන්නවනම්.....

අනේ නුබ ලග ඉන්නවනම්..........

ලෙඩ වී මා ඇදට වැටුණු විට

වාඩි වී මා යහන අද්දර
තබා ගන්න හිස නුබ උකුල මත
අනේ නුඹ ලග ඉන්නවනම්.....

දෝතින් ගෙන මා හිස උකුලට

සියුමැලි නුගේ අතගිලි ගෙන
පිරිමදගන්නට හිස සීරුවකට
අනේ නුඹ ලග ඉන්නවනම්.....

රත් වූ මාගේ නළලත ගෙන

උණුසුම් නුගේ දෙතොලින් සිප
රස්නය දියකරවා ලන්නට
අනේ නුඹ ලග ඉන්නවනම්.....


මන් ලෙඩ වෙලෝ............. :( :(

හෙම්බෙක් ඇවිදින් මගේ ඇගට
නාසයට වැඩ වැඩි වී ඇත
ළිදක සිටින ගෙම්බෙකු විලස
කොටු කර ඇත මා ඇද මතට.......

තිත්තම තිත්ත කොත්තමල්ලි කෝප්පයක්

අම්ම ඇත මග එනු පෙනේ
ඇගේ අනිත් අත බැලුවද
සීනි ඇටයකදු නොපෙනේ.......

ඊටත් දුක් දසුනක් විලසට

මේසේ උඩ කිරි හට්ටිය පෙනේ
උදේ සිට මන් කෙල හැලුයේ
එයට වැඩියෙන් වග කීමටනේ...

අදම ආවනේ මේ හෙම්බා

හෙට අවනම් මේ යකා
තාත්තව shop එකට යවා
මන් ජොලියේ ගෙදරනේ අනේ......

Saturday, August 18, 2012

මේක මං train එකට නැගල train එක අද්දනකන් ඉදිද්දී දැකපු ඇත්තම සිදු වීමක්..... ඉතින් උදේ පාන්දරම නිසා කවි පද ටිකක් ලිය උනා
 


කහ පාට මල් තුනක්
වැහි පොදට සීතලෙන්
තුරුළු වී එකිනෙකට
විද ගනී උණුසුමක්........

මේඝයක් විත් ක්ෂණික

මල් තුනෙන් මල් දෙකක්
නටු අගින් ගිලිහවා
පතිත ලයි පොලොව මත......

තනි වූ මල් කැකුල

සීතලෙන් ගැහි ගැහී
හැරී මහා පොලව මත
සොයයි පෙර විදපු උණුහුම.......

Thursday, August 16, 2012

සිහිනයක්....
මා නෙතු රවටා....
නෙතු පියන් මත රැදෙන...
කතාවක් කිවා.....

ඒ කතාවේ....
යුවැත්තියක්....
දම් පාටින් හැඩ වැඩ වී....
සිනහවෙනු දුටුවා....

ඒ සිනහව දැකපු හිතක්....
නොහිතු පරිදි ගල් ගැහිලා....
ඒ රුව දෙස නෙත යොමාන.....
බලාන උන්නා...

එදා පටන්...
ඒ හදවත..
ඒ යුවතිට..
පෙම් බැන්දා.....

තවමත් නොනිමි....
මේ කතාව....
හදවතකට....
වද දෙනවා......

 ------------------මගේ වස්තුව-----------------

 
මගේ වස්තුව....
ලෙඩ වී නේද නුඹ මේ දවස් වල....
සැරින් සැරේ යනෙන ලෙඩ වලින්....
ශක්තිය අඩු වී නේද නුඹ හදවතට....

ඉක්මනටම නුඹට.....

අලුත් හදවතක් බද්ද කරන්න.....
සිදු වෙන වග.....
දැනේ අප හට......

අලුත් හදවතක් නුඹ
 ...
සොයන්නට වෙහෙසෙයි අප හැමදෙන...
බය නොවී ඉදින් නුබ....
අපව අත හැර...
යන්නට නොදෙයි කිසි දින 
නුඹ ....

කව්රු හිටියද අපට....

නුඹයි ඒ හැම අතර රජ.....
කව්රු අප අත හැරියද....
නුඹට යන්න නොදෙයි කිසිදින....

ඉක්මනට සනීප වෙමු අපි....

වැඩ ගොඩක් ඇත ඉදිරියට....
නුඹට සහ මට කරන්න....

ඉතින් වස්තුවේ....

ආදරෙයි නුඹට මා හැමදාටම....







නුඹව දකින්න....
විනාඩි 5 ක ගමනකට.....
අවුරුද්දක් බලන් හිදිමි මම.....
නොදන්නෙමි ඒ අවුරුද්ද 
නුඹට...
එක තත්පරයක් වත් වටිද යන්න....

Saturday, August 11, 2012

නුඹ සදක් නම්.....
හිරු කුමරකුගෙන් එලිය වන....
නොඑන්නෙමි දිනකටවත් 
නුඹ ලගට....
රාහු වී 
නුඹගිලින්නට...

එහෙත්...
නුඹ සදක් නම්....
බැබලෙන්නට හිරු කුමරකු සොයන....
ආසයි බබළවන්න 
නුඹව....
ආයුෂ ඇති තෙක් මා හට.....

Sunday, August 5, 2012

මගේ පැතුම.....

 
හිරු එළියෙන් මල්වර වී
පිනි බින්දුවෙන් මුහුණ දොවා
ලජ්ජාවෙන් පෙති විහිදා
පොපියන්නට සැරසෙන
ලස්සන මල් කැකුලියක සේ
පෙනෙයි මගේ නෙතගට නුඹ......

හැමදාමත් පාන්දරට
දැකගන්නට නුඹව මෙලෙස
පිපියන් මගේ නෙතු අද්දර
එයයි මගේ එකම පැතුම.....

පැතුමන් පොඩි එකතු වෙලා
හිත අද්දර දොරේ ගලයි....
දොරේ ගලන හිත අද්දර
නුඹ නවතිවිදෝ සැකයි.....

Wednesday, August 1, 2012

හෙට මගෙ උපන්දිනය යාලුවනේ..... ඉතින් මගේ ඒ දවස අදාල කෙනාට අදාල කරලා ලීව දෙයක් තමා මේ.....

මීට විසිතුන් වසරකට......

පෙරාතුව රෝහලක ඇදක් මත....
රත්තරන් අම්ම කෙනෙක්....
ගනී තම ඇගිලි තුඩු....
හෙට දවස එන තුරා.......

දරන්නට බැරි වේදනාවක්.....

සතුටින්ම දරා ගෙන......
මා මෙලොවට බිහි කරන්න......
සිටි මග බල බලා.....

කඳුළු වැල් ගලා යද්දී.....

කදුළු අතරින් සිනා සෙමින්....
දෝතට ගෙන මාව.....
සිප ගනී ආදරෙන්......

තම ඇගේ ගලන ලේ....

කිරි වලට පෙරලවා....
මගෙ සාගින්න නිවාලූ.....
ඔබයි මගෙ ජීවිතේ........

ඉතින් මා පොරොන්දු වෙමි.....

මින් ඉදිරි දිනයකට.....
එක කඳුළු බිඳක්වත්....
නොගෙනෙන්න නුඹේ ඇසට....

ඇය ලෙසටම මගෙ දිවියට....

ධෛර්යය දුන් පියාණන්ද.......
ආදරෙන් සිහි කරමි....
හෙට වන් දිනයකදා........