Saturday, August 31, 2013
අන්තිමට.................
මෙච්චර දවසක් බලන් හිටියා නංගියෝ..... ඒ කියන්නේ හරියටම කියනවනම් අවුරුද්දයි මාස අටකටත් වැඩිය... ඒ එක සැරයක්වත් ඔයාගේ ඔය කටහඩවත් අහන්නේ නැතුව.... ඔයා වෙනුවෙන් දරා ගන්න බැරි තරම් ඉවසීමක් ඉවසුව මං... ජීවිතේට හිතුවේ නෑ එච්චර කෙල්ලෙක් වෙනුවෙන් බලන් ඉදී කියල මම.... එත් ඔය වෙනුවෙන් ඉවසුව.... ඔයාව දකින්න කොච්චරවත් ඕනේ උනත් ඔයාගේ clzz එකක් ගාවටවත් ආවේ නැත්තේ ඔයාට වදයක් වෙන්න බැරි නිසා... ඔයාට ඉගෙන ගන්න දෙන්න ඕනේ නිසා..... ඒ සේරම ඔයත් දන්නවා.... දැන් exam සේරම ඉවරයි නේ නංගියෝ.... එත් ඔයා කියන්නෙම එකම දේ.... මන් දන්නේ නෑ කවද වෙනකන් මට මේක ඉවසන්න පුළුවන් වෙයිද කියල..... මට තේරෙන විදියට ඔයාට මං ගැන කිසිම හැගීමක් නෑ වගේ නංගියෝ..... ඇයි එහෙම උනේ කියන්න මන් දන්නේ නෑ.... සමහරවිට ඔයාට මං ආදරේ කරන විදිය දැනෙන්නේ නැතුව ඇති.... ඒත් මීට වඩා ආදරේ කරන්න මං දන්නේ නෑ... ආදරේ ඉල්ලගෙන මට ඔයාගේ කකුල් දෙක මුල වැඩ වැටෙන්නත් බෑ නංගියෝ..... මොනවා කිවත් මං ඔයාට මගේ හදවතින්ම තාමත් ආදරෙයි..... ඒකයි මේ සැරින් සැරේට ඇස් වලට කඳුළු එන්නේ.... හැමෝමත් එක්ක හිනහ වෙලා සතුටින් කතා කර කර හිටියට මගේ හිත තාම ඔයා නිසා අඩනවා නංගි..... ඔයාට ඒක කවදාවත් තේරෙන එකක් නැති වෙයි.... ආරංචි වෙන දේවල් ඇත්තද බොරුද කියල මන් හොයන්න යන්නේ නෑ.... මොකද මට ඕනේ ඔයාගේ හිතේ මං ගැන මොකද්ද තියෙන්නේ කියන එක දැන ගන්න විතරයි.... එකයි ඔයාගෙම කටහඩින් අවසන් තිරණය අහ ගන්න ඕනේ මට.....තව ටික දවසයි නංගියෝ.... බොහොම පොඩි දවසයි..... අන්තිමටත් ඔයා කියන්නේ අම්ම කැමති නැති නිසා කැමති නෑ කියන කතාව නම් මං යන්නම යනවා.... ඊට පස්සේ ඔයා ගැන බින්දුවක්වත් මං හොයන්නේ නෑ.... මගේ නමවත් ඔයාගේ කනට වැටෙන එකක් නෑ.... එදාට ඔයාට මොනවා හිතුනත් ආපහු මං හැරෙන්නෙත් නෑ..... මොකද මට මීට වැඩ ආදරේ කරන්න බැරි නිසා.... ආදරේ කරන්න මං දන්නේ නැති නිසා...... මගේ මුළු හදවතින්මයි නංගියෝ කියන්නේ.. ඔයාට ඇත්තටම මං ආදරෙයි....... මොනවා උනත් පරිස්සමින් ඉන්න.... හොදට ඉගෙන ගෙන හොද තැනකට යන්න.... ජීවිතේම සතුටින් ඉන්න.... ඔයාගේ සතුට වෙනුවෙන් මන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ ඒ ටික.... බුදු සරණයි ඔයාට.....
Subscribe to:
Comments (Atom)