Wednesday, December 26, 2012

නිහඩ වෙලා නුඹ... කිසිත් නොකියාම.....

නිහඩ වෙලා නුඹ....
කිසිත් නොකියාම.....
බලන් හිදිමි මම......
බලාගත් අතම...........

වචන වලින් නුඹ....
කියා එවූ දෙය....
නොපිලිගමි මම....
පවසනා තුරු නුඹම.......

නෙතින් නුඹ එදා...
කියූ ඒ කතා...
සවියමයි මෙදා....
හිදින්නට බලා.....

Sunday, December 9, 2012

මුවින් නොනැගුව ..... සොදුරු සිනහව...... දෑස් මතින් නුඹ..... හෙලූ අපුරුව........

මුවින් නොනැගුව .....
සොදුරු සිනහව......
දෑස් මතින් නුඹ.....
හෙලූ අපුරුව........


වදන් නොමැතිව...
ගෙවූ මොහොත තුල....
දෑස් වලින් කී......
කතාවකි එය.......


නෙතු පියන හැම...
මොහොත ගානෙම...
මැවෙයි නුඹේ ඔය....
මුමුණන දෑසම.......


ඉතින් කෙලෙසකද.......
ඉවසන්නේ මසිත.......
නුඹ නොමැති විට....
දැනෙන පාළුව......

Friday, November 30, 2012

සොරාගෙන ගියා අද.... රැයට උරුම වූ නින්ද......

එකම එක  නිමේෂයක.......
තත්පරෙනුත් පංගුවක....
නුඹේ  රූ චායාව.....
ඇදුනා මා දෑස මත.....

අහම්බෙන් නෙතු මත‍ට....
වැටුණු ඒ අමා රුව.....
සොරාගෙන ගියා  අද....
රැයට උරුම වූ නින්ද......

අද මං මගේ හිතේ ඉන්න නංගියාගේ ඡායාව 10m තියල දැක්ක.......  ඉතිං ඒක ඔයාලටත් කියන්න හිතුනා...... :) :) :) :) :) :) :) :)

Sunday, November 18, 2012

කවි පද මුමුණයි - තෙත් උණු නෙතගින්...නුඹ නොමැති කමින්...........

නෙතු පියන් මතට කදුලක් ඇවිදින්...
නුඹ දෙනෙත් පුරා දැක ගනු රිසියෙන්....
හදවතත් පාළුවේ හඩයි රහසින්...
නුඹ නොමැති කමින්.......


සද දෙස බලනා - තරුවක් වෙලා මං...
සද කිරණ වැදී - පෙම්වතෙක් වෙලා දැන්....
කවි පද මුමුණයි - තෙත් උණු නෙතගින්...
නුඹ නොමැති කමින්...........


නෙතු පියන් මතට කදුලක් ඇවිදින්..............

නුඹ හෙලන සුසුම් - බිදුවක් ඇවිදින්.....
මගේ හදේ වැදී - නුබේ සුවද අරන්....
හද උමතු කරයි - පෙර නොවූ ලෙසින්...
නුඹ නොමැති කමින්.........


නෙතු පියන් මතට කදුලක් ඇවිදින්................

Friday, November 16, 2012

ආදරේ නාමයෙන් මාගේ... අවසරද මියැදෙන්න තුරුලේ....

දෙව් දුවක් වූ නුඹගේ සෙවනේ.....
ඇලී ගැලලි සිටින මොහොතේ...
අහස කුස හෙලු කදුළු බිදුවෙන්...
සැගඋනා  ඒ සිහින රහසේ.....

නෙතු පියන හැම මොහොත ගානේ...
මැවුණු එකම රුව නුඹගේ වුයේ...
වරක් දැක ගන්නට ඇවසියෙන්....
නෙතු පියන් යට කදුළු මැවුනේ....

නුඹව දුටු ඒ මුල්ම දිනයේ.......
හදවතත් මට අහිමි වුයේ...
ආදරේ නාමයෙන් මාගේ...
අවසරද මියැදෙන්න තුරුලේ....

Wednesday, November 7, 2012

පුංචිම පුංචි ගෙදරක... එකම එක කාමරයක.......

පුංචිම පුංචි ගෙදරක...
එකම එක කාමරයක.......
පුංචි තනි ඇදක් මත...
නුඹත් මාත් පමණක් විය.....

අඩ අදුරේ සිටිනා විට....
ලගට දැනුනු උනුහුමකට...
තුරුල් කරන් නුඹව හොදට.....
තද කර ගත්තෙමි පපුවට.....

සද්දයකුත් නෑ නුඹගෙන්...
අවනත වී ඇති විට මෙන්....
ඉතින් කුමට බය වී මන්...
ලැබෙන සතුට අත්නොවිදින්...

තද කරගත් විට තදේට...
ජරාස් හඩක් ඇසුනා කනට....
හනික නැගිට බැලුව විටෙක....
ලැපේ  කෑලි දෙකක් දුටිමි.......

චුට්ටන් හිච්චා...................

චුට්ටන් හිච්චා....
අම්මට හොරට....
ඇවිදින් උඩහට....
මා දැක ගන්නට....

කන් පාත් කරන්.......
නැට්ටත් වනමින්...
හෙමීට ඇවිදින්...
කැරකුණේ ඇද ලග......

ඔලුවත් අතගා...
බෙල්ලත් කසලා....
හුරුතල් කරලා....
තිව්වනේ බව්වා........

ඇද ලග කැරකී..
කකුලත් ලෙවකා....
බිම ලැග ගත්තනේ...
මගේ හොද බව්වා......

හිච්චි කුකූ දැන්...
යන්නකෝ එලියට....
හොද බව්වනේ උඹ....
කියනෙක අහලා.....

කන් දෙක උස්සා....
හෙමෙහිට බලලා....
පිම්මට දිව්වා....
චුට්ටන් හිච්චා.....

Monday, November 5, 2012

ජාති ජාතිත්.... නුඹම පතමින්.... නෙත් යුගල සේ රකින්නම්.........

පුංචි මුව අග... රැන්ඳු සිනහව...
සදා කල්හිම රැදීයන්........
සිනා වෙන ඔය... නිල් දෙනෙත් මත...
කදුළු බිදු නොම රැදීයන්........

අහිංසක ඔය.... පුංචි සිත හෙට......
මා නමින් කවි ගොතයි නම්....
ජාති ජාතිත්.... නුඹම පතමින්....
නෙත් යුගල සේ රකින්නම්.........

Friday, October 19, 2012

අදනම් හංසයාට පට්ට happy ....

අද දැන ගත්ත සඳ....
අහස සඳට පෙමින් වග....
අවසර දුන්න සඳ අද.....
තරමක් දුරට ලං වෙන්න.....

අහසටනම් දවස අද....
අමතක නොවේ කිසි දින....
උහුලන්නට බැරුව නෙත....
කදුළු වගුරයි සතුටට........

Wednesday, October 17, 2012

යදිමි නොදුටු දෙවියන් නුඹ සිහි කර........

පන්හිදක් තුඩග රැව් දෙන්නට...
හැගුම් පොදි හිතේ තද කරගෙන...
පතනවා පිළිසරණක් නුඹෙ
න් අද...
ඔය පුංචි හිත යට ලැගුම් ගන්නට....

පුන් සඳක් උපමාව කොට නුබට...
තරුව වී මම ලීවෙමි කවි පද...
දෙනෝදාහක් දකින ඒ සඳ....
අහිමි වේදෝයි බියක් සිත ඇත.....

නුඹේ ඔය නෙතු දුටුව මුල් දින....
මටත් නොදැනීම මෝදු වූ පෙම...
ඉවත ලන්නට නොහැකිව අද මම....
යදිමි නොදුටු දෙවියන් නුඹ සිහි කර........

Friday, October 5, 2012

සඳ වෙත සෙනෙහසින් ලියමි.........


සඳ....
ඔයා ගොඩක් ඈතට වෙලත්...
හුගක් එලිය දෙනවා මට....
එත් ටිකෙන් ටික ටිකෙන් ටික...
ඔයා ඈතට ඇදෙනවද කියල හිතෙනවා..............
යන්න එපා ඈතට හොදේ....
එතකොට මට කළුවරයි නේ....
අනික ඔයාගේ ලස්සනත් අඩු වේවි එතකොට....
ඔය ඉන්න විදියටම..
හැමදාම මට බලන්න පුළුවන් වෙන්න ඉන්න....
නැත්නම් මට හුගක් පාළු හිතෙයි....
මොකද.....
මටත් වඩා මං ඔයාට ගොඩක් ආදරේ කරන නිසා..............


(ඔයත් හරියටම මේ හඳ වගේ..... කියන්නේ හඳ  උනාට, ඔයා වෙනුවෙන්මයි මේ දේ..................... ) 

Sunday, September 30, 2012

තරු විසිරුණු ආකාසේ....
එකම සඳ නුඹ නම්....
නුඹට හැර වෙන කාට...
කවි පද ගොතන්නද මන්.........

Tuesday, September 25, 2012

හදවතින්ම නුඹට පිදෙන තිළිණයක්....


නුඹේ රුව මා සිත හොරා ගෙන...
තටු සලා යයි හද උමතු කොට......
ලැබෙන නොලැබෙනා වගක් නොම දැන...
පුරයි පෙරුමන් උමතු වූ හද.....

අමාවක දුර නොමැති සදකට....
පෙමින් වෙලෙනා නීල තරු කැල...
අමාවක දා සද නොමැති වග...
දැන දැනත් පෙම් කරයි උමතුව...

Monday, September 24, 2012

අවංක වූ ආදරයකට....
මිලක් නියම කරන....
එකම වචනය...
" රත්තරන් "

Sunday, September 9, 2012

හීන දකින්න ආසයි මම...
මොකද..
ඒ හැම හීනේකම ඔයා ඉන්න නිසා....
ඔයාව දකින්න පුළුවන් නිසා...

ඔයත් එක්ක කතා කරන්න...
ඔයත් එක්ක එකට හිනා වෙන්න...
චට පට ගගා කියවද්දී ඔයාගේ මූණ දිහා බලන් ඉන්න...
ඔයාගේ උනුහුමට තුරුල් වෙලා ඉන්න ඔයාගේ සුවද විදින්න.....
මේ හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ...
හීන ලෝකෙදි විතරක් නිසා.....

බලාගෙන ඉන්නවා මං..
දැකපු හීන කවදහරි දවසක...
ඔයා ඇවිත් ඇත්තක් කරන තෙක්....
ඉක්මනට එන්න බලන්න....
හිතට දරන්න බැරි තරම්...
ආදරේ කරනවා ඔයාට මේ හිත.....

Saturday, September 8, 2012

..................................................

නිදි මතයි හොදටම මට...
දෑස පියවෙයි නොදැනුවත්වම....
නිදා ගන්නට නුඹේ උකුලත....
වරම් දෙනවද පුංචි නැගණිය......

සිහිනයෙන් හෝ ඇවිත් නුඹ ලගට....
හිස තියන්නද 
නුඹේ උකුල මත....
පිරිමදින්න හිස 
නුඹේ අත ගෙන...
දිනක් එයිද මෙය සත්‍යයක් වෙන....

Wednesday, September 5, 2012

කැරම් වලිය..


ඉත්තෝ නවයකි...
තවත් රැජිනකි....
වලිය ඇත්තේ...
අය්යා සමගිනි ....

පලවෙනි වලිය...
පොර දින්නේහිය...
හිතට guts ගෙන....
කලෙමි challenge මා...
දෙවැනි තරගයකට.........

දෙවැන්නෙහි මා....
යමක් හිතට ගෙන....
දෑතට දිරි ගෙන....
පටන් ගත්තමි ...
disk එක අතට ගෙන.........

දෙවැනි තරගයම...
sorry කලෙමි ඔහුට...
කට අරින්නට...
ඉඩකුදු නොතියම....

මෙවර challenge එක...
ඔහුගෙන්ම විය....
තුනෙන් දෙක බලමු...
ඔහුම පැවසීය....

අවසාන තරගය...
පට්ට riskyය....
9 ට 29 ලෙස....
අවසන් කලෙමි මම........

තරගය අවසන් කොට....
නැගිට්ටෙමි මම....
හෙටත් බලමුකෝ.....
ලෙසට ඇසුනි මට....

Thursday, August 30, 2012

සිටිමි නුඹේ මතු දවස සුබ කෙරුමට....


අරුතක් නොදන්න අකුරු හතරකට...
කවි පද ලියවෙයි නොදැනීම සිත යට..
ලියවෙන ඒ පදවල අයිතිය ලබනට...
නොදැනීම නුඹේ නම එයි ඉදිරියටම....

හිත යට හිනැහෙන නුඹේ ඔය රුව දෙස..

බලාන ඉන්නෙමි වසා මගේ නෙතු...
ආසයි දකින්න හැබැහින් ඔය නෙතුයුග...
හැකිනම් එනු මැන මගෙ දෑස මානෙට...

දන්නවනම් නුඹ පතන පැතුම් මම...
නොඉදී කෙදිනකවත් නුඹ මේ ලෙස.....
හිත තුල තද කරගෙන හැගුමන් මම...
සිටිමි 
නුඹේ මතු දවස සුබ කෙරුමට....

Sunday, August 26, 2012

UNTITLED


දුටුවෙමි ලස්සන යුවතියක්
සුරතල් වේවි
හිනැහෙන අන්දම
ඇගෙ සොහොයුරා සමග....

මේ දසුන දුටුව කල
දවාලිය මසිතම
පුංචි කල පටන් මට
පැනනැගුනු තනිකමට....

එක කුස උපන් නැගණියක්
නොමැති වූ තනිකමින්
පෙලිමි මම මුළු හදින්
සත්තටම පෙර පටන්...

අප අතරට එන්න පෙරම
යන්න ගිය ඒ සුරංගනාවිය
සිටියානම් අප අතරෙහිම
සුන්දරයි ඒ ජීවිතයම.....

පද පේලි නොම එයි
සිත හැගුම් පවසන්න
මුළු හදින් පෙම් බදිමි
සිහිනයක් වූ මගේ නැගණියට...

Wednesday, August 22, 2012

අයියෝ සල්ලි කිවලු....

ඊයේ රෑ නින්දේදී

දැක්කෙමි මරු හීනයක් මම
පට්ටම පට්ට ප්‍රාඩෝවක්
පැදන් යන මාවම........

උදේ නවයට නැගිටලා

ආවෙමි shop එක බලා
පාර අයිනට කොරලා
පාර්ක් කොලෙමි මගේ කාර් පැටියා.........

පයින් යන අතරමඟ

දුටුවේ ස්වීප් කඩයක් මැ
ඊයේ හීනය මතක් වෙලා
නැවතුනෙමි ඒ අසල මෙමා.........

කෝටි තුනකි පළමු තෑග්ග

උඩ ඉන්දුනි මගේ ඇස් දෙක
ඊයෙ හීනේ පවර් එකට
ගත්තෙමි රු.100කම ටිකට් මම........

ප්‍රාඩෝ හීනය බලන්

ඈඳි ගත්තෙමි 9ට රූප පෙට්ටිය ලඟ
අදාල චැනලය කරකවා
බලන් උන්නෙමි වැටෙනා අංක දිහා.........

උඩ ඉන්දුනි දෑසම යළි

එකක්වත් නැත ටිකට් 5කම
හෙනම ගහපන් ඊයේ හීනෙට
අතින් කයිට් විය 100කට මට........!!!!!

Sunday, August 19, 2012

අනේ නුඹ ලග ඉන්නවනම්.....

අනේ නුබ ලග ඉන්නවනම්..........

ලෙඩ වී මා ඇදට වැටුණු විට

වාඩි වී මා යහන අද්දර
තබා ගන්න හිස නුබ උකුල මත
අනේ නුඹ ලග ඉන්නවනම්.....

දෝතින් ගෙන මා හිස උකුලට

සියුමැලි නුගේ අතගිලි ගෙන
පිරිමදගන්නට හිස සීරුවකට
අනේ නුඹ ලග ඉන්නවනම්.....

රත් වූ මාගේ නළලත ගෙන

උණුසුම් නුගේ දෙතොලින් සිප
රස්නය දියකරවා ලන්නට
අනේ නුඹ ලග ඉන්නවනම්.....


මන් ලෙඩ වෙලෝ............. :( :(

හෙම්බෙක් ඇවිදින් මගේ ඇගට
නාසයට වැඩ වැඩි වී ඇත
ළිදක සිටින ගෙම්බෙකු විලස
කොටු කර ඇත මා ඇද මතට.......

තිත්තම තිත්ත කොත්තමල්ලි කෝප්පයක්

අම්ම ඇත මග එනු පෙනේ
ඇගේ අනිත් අත බැලුවද
සීනි ඇටයකදු නොපෙනේ.......

ඊටත් දුක් දසුනක් විලසට

මේසේ උඩ කිරි හට්ටිය පෙනේ
උදේ සිට මන් කෙල හැලුයේ
එයට වැඩියෙන් වග කීමටනේ...

අදම ආවනේ මේ හෙම්බා

හෙට අවනම් මේ යකා
තාත්තව shop එකට යවා
මන් ජොලියේ ගෙදරනේ අනේ......

Saturday, August 18, 2012

මේක මං train එකට නැගල train එක අද්දනකන් ඉදිද්දී දැකපු ඇත්තම සිදු වීමක්..... ඉතින් උදේ පාන්දරම නිසා කවි පද ටිකක් ලිය උනා
 


කහ පාට මල් තුනක්
වැහි පොදට සීතලෙන්
තුරුළු වී එකිනෙකට
විද ගනී උණුසුමක්........

මේඝයක් විත් ක්ෂණික

මල් තුනෙන් මල් දෙකක්
නටු අගින් ගිලිහවා
පතිත ලයි පොලොව මත......

තනි වූ මල් කැකුල

සීතලෙන් ගැහි ගැහී
හැරී මහා පොලව මත
සොයයි පෙර විදපු උණුහුම.......

Thursday, August 16, 2012

සිහිනයක්....
මා නෙතු රවටා....
නෙතු පියන් මත රැදෙන...
කතාවක් කිවා.....

ඒ කතාවේ....
යුවැත්තියක්....
දම් පාටින් හැඩ වැඩ වී....
සිනහවෙනු දුටුවා....

ඒ සිනහව දැකපු හිතක්....
නොහිතු පරිදි ගල් ගැහිලා....
ඒ රුව දෙස නෙත යොමාන.....
බලාන උන්නා...

එදා පටන්...
ඒ හදවත..
ඒ යුවතිට..
පෙම් බැන්දා.....

තවමත් නොනිමි....
මේ කතාව....
හදවතකට....
වද දෙනවා......

 ------------------මගේ වස්තුව-----------------

 
මගේ වස්තුව....
ලෙඩ වී නේද නුඹ මේ දවස් වල....
සැරින් සැරේ යනෙන ලෙඩ වලින්....
ශක්තිය අඩු වී නේද නුඹ හදවතට....

ඉක්මනටම නුඹට.....

අලුත් හදවතක් බද්ද කරන්න.....
සිදු වෙන වග.....
දැනේ අප හට......

අලුත් හදවතක් නුඹ
 ...
සොයන්නට වෙහෙසෙයි අප හැමදෙන...
බය නොවී ඉදින් නුබ....
අපව අත හැර...
යන්නට නොදෙයි කිසි දින 
නුඹ ....

කව්රු හිටියද අපට....

නුඹයි ඒ හැම අතර රජ.....
කව්රු අප අත හැරියද....
නුඹට යන්න නොදෙයි කිසිදින....

ඉක්මනට සනීප වෙමු අපි....

වැඩ ගොඩක් ඇත ඉදිරියට....
නුඹට සහ මට කරන්න....

ඉතින් වස්තුවේ....

ආදරෙයි නුඹට මා හැමදාටම....







නුඹව දකින්න....
විනාඩි 5 ක ගමනකට.....
අවුරුද්දක් බලන් හිදිමි මම.....
නොදන්නෙමි ඒ අවුරුද්ද 
නුඹට...
එක තත්පරයක් වත් වටිද යන්න....

Saturday, August 11, 2012

නුඹ සදක් නම්.....
හිරු කුමරකුගෙන් එලිය වන....
නොඑන්නෙමි දිනකටවත් 
නුඹ ලගට....
රාහු වී 
නුඹගිලින්නට...

එහෙත්...
නුඹ සදක් නම්....
බැබලෙන්නට හිරු කුමරකු සොයන....
ආසයි බබළවන්න 
නුඹව....
ආයුෂ ඇති තෙක් මා හට.....

Sunday, August 5, 2012

මගේ පැතුම.....

 
හිරු එළියෙන් මල්වර වී
පිනි බින්දුවෙන් මුහුණ දොවා
ලජ්ජාවෙන් පෙති විහිදා
පොපියන්නට සැරසෙන
ලස්සන මල් කැකුලියක සේ
පෙනෙයි මගේ නෙතගට නුඹ......

හැමදාමත් පාන්දරට
දැකගන්නට නුඹව මෙලෙස
පිපියන් මගේ නෙතු අද්දර
එයයි මගේ එකම පැතුම.....

පැතුමන් පොඩි එකතු වෙලා
හිත අද්දර දොරේ ගලයි....
දොරේ ගලන හිත අද්දර
නුඹ නවතිවිදෝ සැකයි.....

Wednesday, August 1, 2012

හෙට මගෙ උපන්දිනය යාලුවනේ..... ඉතින් මගේ ඒ දවස අදාල කෙනාට අදාල කරලා ලීව දෙයක් තමා මේ.....

මීට විසිතුන් වසරකට......

පෙරාතුව රෝහලක ඇදක් මත....
රත්තරන් අම්ම කෙනෙක්....
ගනී තම ඇගිලි තුඩු....
හෙට දවස එන තුරා.......

දරන්නට බැරි වේදනාවක්.....

සතුටින්ම දරා ගෙන......
මා මෙලොවට බිහි කරන්න......
සිටි මග බල බලා.....

කඳුළු වැල් ගලා යද්දී.....

කදුළු අතරින් සිනා සෙමින්....
දෝතට ගෙන මාව.....
සිප ගනී ආදරෙන්......

තම ඇගේ ගලන ලේ....

කිරි වලට පෙරලවා....
මගෙ සාගින්න නිවාලූ.....
ඔබයි මගෙ ජීවිතේ........

ඉතින් මා පොරොන්දු වෙමි.....

මින් ඉදිරි දිනයකට.....
එක කඳුළු බිඳක්වත්....
නොගෙනෙන්න නුඹේ ඇසට....

ඇය ලෙසටම මගෙ දිවියට....

ධෛර්යය දුන් පියාණන්ද.......
ආදරෙන් සිහි කරමි....
හෙට වන් දිනයකදා........

Sunday, July 29, 2012



මේ ෆොටෝ එක මගේ යහළුවෙක් වන Piyumika Samarasekara විසින් මාතර පාලම උඩදී ගතපු එකක්..... ඒක දැක්කම මට හිතුනු දේ තමා මේ........

දුටුව විට මේ මිනිස් දුවව..
නැගේ කඳුලක් ඇසට.......
මෙවන් දූ වරුන් මේ කලෙට....
සිටින බව දැක ගැන්ම.....
ගෙනේ සතුටක් හදවතට.....

ලැජ්ජාව පසෙක ලා....

සුදු ගවුමද නොසලකා.....
තම යුතුකම පෙරටු කොට.....
ගනී වීරිය ඇගෙ දෑතට....

මෙවන් දියණියක් ලබනට.....

පින් කල යුතුය දෙමව්පිය.....
දූ වරුන් බොහොමයකට....
ඇගෙන් පාඩමක් ඉගෙන ගත හැක.....

Friday, July 27, 2012

...............නුඹ සහ මම..............


නුඹ......
ඇසට එක රුවක් පමණි......
මාගේ....
හදවතට හැගුම් සමුදායකි.....

නුඹ.....
මිහිමතට එක ජීවියෙකි.....
මා හට....
මුළු ලෝකයකි......

නුඹ.....
කෙල්ලන් අතර එක කෙල්ලෙකි.....
මා හට.....
කෙල්ලන් අතර සුරන්ගනාවියකි.....

නුඹ......
දෙවියන්ට එක මිනිස් දුවකි....
මා හට.....
මිනිසුන් අතර දෙව්දුවකි....

නුඹ.....
පිලිරුවින් දෙවියන් දකී......
මා.....
නුඹේ රුවින් දෙවියන් දකී........

Sunday, July 22, 2012

ඇත්තටම හිතට දැනුනු හැගීමක් මේ කියන්නේ නම්.... 

අහම්බෙන්වත්.....නුඹව දකින්නට....
වරම් නොලබන....
මගේ ඇස් දෙක......
රුදුරු කතරක....
සා පිපාසිත....
විටෙක පෙන්වන.....
මිරිගුවක් විලස........
අනේ දෙවියනි.....
මවා දෙනු මැන..

ඇගේ ඒ රුව....
මේ පිපාසිත.....
මගේ දෑස වෙත....
 


Saturday, July 21, 2012

මේ කවිය ඇත්තටම වෙච්ච දෙයක්..... ගිය බ්‍රහස්පතින්දා මන් කෝච්චියේ කොළබ යද්දී මගේ සීට් එක ඉස්සරහ උණු දෙයක්.... ඇත්තටම බලන් ඉන්න ආසයි....

චුට්ටන් ඇස් දෙකක්.....

ආච්චි තුරුලට වෙලා.....
බලාන ඇගෙ මව දිහා....
පුරවයි කදුළු නෙත් පුරා....

දමා ලොකු සද්දයක්.....

පැනල තුරුලට මවුගේ.....
ගැසී හරි බරි ඈ තුරුලේ.....
දකී සිහිනයක් සිය නෙතු වසා....

පාට රූපයක් දීල.....

පුංචි සිත රවටලා.....
මවුට සිදු විය බසින්න.....
අලුත්ගම ස්ටේසමින්....

වේදිකාව මතට වෙලා.....

බලයි ඇය පුංචි ඇස් දිහා.....
පුංචි ඇස් වලට වඩා.....
ඇගේ ඇස් රතු වෙලා.....

කිසිත් නොමදත් පැටික්කිය....

සිනා සෙයි අප දෙස බලා.....
සිටින විට ඇය දෙස බලා.....
ආසයි දෑතට ගන්නට වඩා .......
.

කට්ටිය මුකුත් හිතන්න එපා මේ එක දිගට පොස්ට් දාන් යන එක ගැන.... මොකද ඉක්මනට මේක පොඩ්ඩක් Share කරන්න ඕනේ කියල හිතුව.... ඉතින් මං ලියල තිබුණු පොස්ට් ටික සේරම වගේ දාලම ඒ වැඩේ කරන්න ඕනේ උන නිසා තම මේ එක දිගට මේ ටික දැම්මේ... :)
මේකනම් මං සැලූන් එකේ hair cut එකකට ගිහින් කට්ට කන අතරේ ආව අදහසක්....... හිතෙනවා එක ලස්සනයි කියල.....



.........පෙම්බරා එන තුරා..........

මා ප්‍රිය පෙම්බරාන.....

ගොඩාක් ඈතයි නුඹ මට.....
කෙදිනකවත් එවිදෝහෝයි නොමදැන...
නුඹ දිහා බලන් මම.....
පෙම් බදී තව නුඹටම.....

හිරු බැස ගිය කලට.....

පමණි අවසර ඇත්තේ දැකුමට නුඹව....
මසක දින කීපයකට.....
ඒ වරමද අහිමි වෙයි මට......

රෑ පුරා නුඹ සිටින....

දෙස බලා සිටින මම....
පුරන පෙම් සිතක් ගැන.....
නුඹට නොදැනෙන්නේ කිමද......

ඉතින් මා පෙම්වතාන.......

සඳෙන් බැස මිහිමතට.....
එන තුරා නුඹ මා වෙතට....
මග බලා සිටිනු මිස.....
වෙන කුමක් කරනු මම.....

------------සඳ හාවාට පෙම් බදින හා යුවතියක්---------------
මේ කවියේ පද දෙකක්, මගේ හොදම යාලුවෙක් වන Shayanga සහෝදරයාගේ කවියක පද දෙකක අනුසාරයෙන් ගත්ත අදහසක් කියල කියන්න ඕනේ ඔයාලා මේ කවිය කියවන්න කලින්.........

හදවතට උහුලගන්න......

බැරිම වේදනාවකදී....
හදවතේ ගලන ලේ බින්දු....
ඇස් වලින් ගලා එද්දී....
හදවතටත්.....
හදවතක් තිබුනානම්.....
එය කියාවි මෙලෙසට....
"නාඩ ඉදින් බන්....
ඕක තමා අපිට උරුම දේ....."
මේ කවියේ එක පදේකට මන් ගොඩාක් ආසයි...... ආදරෙයි කියලත් හිතනවා.... :) :)

අස්ථිර වූ සිත් ගැබක් තුල.....
ස්ථිර වූ ආලයක් පිලිබදව.....
මටද සිතන්නට සිදු වී ඇත......
ඒ පවිත්‍ර වූ ආලය.....
ලැබෙන නොලැබෙන වග......
දන්නෙ දෙවියන්ම පමණි....
උදේ පාන්දරට වැස්සක් වහිනවා කියන්නේ නම් මට මෙලෝම රහක් නැති වැඩක් අප්පා.....

අයියෝ වැස්ස.....
මේ උදේ පාන්දර....
නෑවිදින් ඉන්නට.....
නොහැකියිද 
නුඹහට.....

උදේ පාන්දර....

නැගිටින වෙලාවට.....

නුඹේ චුරු චුරුව....
නැවත නැවතත්......
දෑස පියවයි නොදන්වාම....

Tuesday, July 17, 2012

ගොඩක් රෑ වුනු වෙලාවට ජනෙලේ එල්ලිලා කළුවර දිහා බලන් ඉන්න එක සමහර දවසට ඇත්තටම මං කරන දෙයක්..... ඒ වෙලාවට හිතට දැනෙන දේවල් කියන්න මටවත් තේරෙන්නේ නෑ......
ඒ වගේ වෙලාවක හිතුනු දෙයක් තමා මේ ඇත්තටම කියල තියෙන්නේ...... හොදද කියල කියන්නකෝ..... :)


පාළුව දැනුනු රාත්‍රියක.....

ජනේල දැලේ එල්ලිලා....
තිත්ත කළුවර දිහාව.........
බලාන ඉන්නකොට.......
හදවත යටට වෙලා........
සැපට නිදන ඔබේ රුවින්....
මනසෙහි සිත්තමක් කරන්නට....
පුංචි හරි තල්ලුවක්......
ඔබෙන් ලැබෙනවනම්......................

Sunday, July 15, 2012


හැමදාමත් මන් අසාවෙන් මගේම කර ගන්න ඉන්න දේ ගැනත් ලියල දන්නා හිතුනා.....මොන දේ උනත් ලබන දෙසැම්බර් වලට ඉස්සෙල්ල මේක මගේ ලගට ගන්නවා ගන්නවාමයි........
මොකද දෙසැම්බර් වල ලොකු වැඩක් තියෙනවා කරන්න....... :D :D :D

මේ ඉන්නේ එය තමා......


                                  

සල්ලි නැමති හෙනහුරා නිසා.......
ඔබත් මත අද දෙතැනක වෙලා...........
පොරොන්දු වෙන්නම් එනමුදු.......
ලබන දෙසම්බරේට පෙර.........
ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු....
මගේම කර ගනිමි කියා..........
එතකන් ප්‍රිය camera වෙනි......
සිටිනු මැනේ ඉවසාල......

ඔබට සිත ආදරේ කරයි......

අතේ සතයක් නැති..........
ඔබව මගෙ ලගට..... ගන්නට බැරුව......
මගේ සිත වේදනා විදි.......

Thursday, July 12, 2012

හිරු ගැන පොඩි අදහසක්.......



හිරු.........
චණ්ඩය....
රුදුරුය......
සැර පරුෂය.......
නමුදු....
හිරු නොමැති කලෙක.....
අපද ලොවෙත් නැත.........

Tuesday, July 10, 2012

මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ මටම..... ඔයාලම මේකට මොනා හරි කියන්නකෝ.....
 


අවුරුදු ගානක් තිස්සේ....
නියගයක් වගේ තිබුණු මගේ හිතට...
පුංචි හීන් පොදයක් වෙලා....
ඔයා ඇදහැළුණු දවසේ ඉදන්...
ඒ හීන් පොද...
මහා මුරුගසන් වැස්සක් වෙලා...
මගේ හිතටම වැටෙනකන්....
ගොඩාක් අසාවෙන්.....
ඇගිලි ගැන ගැන මේ බලන් ඉන්නේ මං.....
එත්....
ඒ හීන් පොද....
මහා හුලගක් ඇවිත්.......
ගසා ගෙන ගියොත්.................................

Monday, July 9, 2012

ජීවිතේටවත් බ්ලොග් එකක් පටන් ගන්න තියා එක කිවියක් ලියන්න හිතුවෙ නැති මගේ හිතට, පළවෙනියටම කවි පද ටිකක් කියල ආවේ මෙන්න මේ සිතුවිලි ඩිංග...... මේකට හේතු වෙලානම් තියෙන්නේ පුංචි නංගියෙක් තමා..... ඒත් වැඩේ කොච්චර දුරට හරි යයිද කියලනම් දන්නේ නෑ.... මොන උනත් එයා වෙනුවෙන් තමා ඉස්සෙල්ලම කවි පදයක් මගේ අතින් ලිය උනේ..... බලන්නකෝ හොදද කියල..... කවද හරි පුළුවන් උනොත් එයටත් පෙන්නන්න පුළුවන්නේ..... ;)

ඔයාගේ නමින්...
පෙරුම් පුරන හිතක් වෙනුවෙන්....
බලාන ඉන්න කියල......
කියන්න අවසර නැති උනත්....
ඔයා වෙනුවෙන්......
මේ ගෙවන හැම තත්පරයකටම....
මතු දිනකදිවත්......
වටිනකමක් දුන්නොත්....
ඔයාට ගොඩක් පින් නංගෝ......