Saturday, August 31, 2013
අන්තිමට.................
මෙච්චර දවසක් බලන් හිටියා නංගියෝ..... ඒ කියන්නේ හරියටම කියනවනම් අවුරුද්දයි මාස අටකටත් වැඩිය... ඒ එක සැරයක්වත් ඔයාගේ ඔය කටහඩවත් අහන්නේ නැතුව.... ඔයා වෙනුවෙන් දරා ගන්න බැරි තරම් ඉවසීමක් ඉවසුව මං... ජීවිතේට හිතුවේ නෑ එච්චර කෙල්ලෙක් වෙනුවෙන් බලන් ඉදී කියල මම.... එත් ඔය වෙනුවෙන් ඉවසුව.... ඔයාව දකින්න කොච්චරවත් ඕනේ උනත් ඔයාගේ clzz එකක් ගාවටවත් ආවේ නැත්තේ ඔයාට වදයක් වෙන්න බැරි නිසා... ඔයාට ඉගෙන ගන්න දෙන්න ඕනේ නිසා..... ඒ සේරම ඔයත් දන්නවා.... දැන් exam සේරම ඉවරයි නේ නංගියෝ.... එත් ඔයා කියන්නෙම එකම දේ.... මන් දන්නේ නෑ කවද වෙනකන් මට මේක ඉවසන්න පුළුවන් වෙයිද කියල..... මට තේරෙන විදියට ඔයාට මං ගැන කිසිම හැගීමක් නෑ වගේ නංගියෝ..... ඇයි එහෙම උනේ කියන්න මන් දන්නේ නෑ.... සමහරවිට ඔයාට මං ආදරේ කරන විදිය දැනෙන්නේ නැතුව ඇති.... ඒත් මීට වඩා ආදරේ කරන්න මං දන්නේ නෑ... ආදරේ ඉල්ලගෙන මට ඔයාගේ කකුල් දෙක මුල වැඩ වැටෙන්නත් බෑ නංගියෝ..... මොනවා කිවත් මං ඔයාට මගේ හදවතින්ම තාමත් ආදරෙයි..... ඒකයි මේ සැරින් සැරේට ඇස් වලට කඳුළු එන්නේ.... හැමෝමත් එක්ක හිනහ වෙලා සතුටින් කතා කර කර හිටියට මගේ හිත තාම ඔයා නිසා අඩනවා නංගි..... ඔයාට ඒක කවදාවත් තේරෙන එකක් නැති වෙයි.... ආරංචි වෙන දේවල් ඇත්තද බොරුද කියල මන් හොයන්න යන්නේ නෑ.... මොකද මට ඕනේ ඔයාගේ හිතේ මං ගැන මොකද්ද තියෙන්නේ කියන එක දැන ගන්න විතරයි.... එකයි ඔයාගෙම කටහඩින් අවසන් තිරණය අහ ගන්න ඕනේ මට.....තව ටික දවසයි නංගියෝ.... බොහොම පොඩි දවසයි..... අන්තිමටත් ඔයා කියන්නේ අම්ම කැමති නැති නිසා කැමති නෑ කියන කතාව නම් මං යන්නම යනවා.... ඊට පස්සේ ඔයා ගැන බින්දුවක්වත් මං හොයන්නේ නෑ.... මගේ නමවත් ඔයාගේ කනට වැටෙන එකක් නෑ.... එදාට ඔයාට මොනවා හිතුනත් ආපහු මං හැරෙන්නෙත් නෑ..... මොකද මට මීට වැඩ ආදරේ කරන්න බැරි නිසා.... ආදරේ කරන්න මං දන්නේ නැති නිසා...... මගේ මුළු හදවතින්මයි නංගියෝ කියන්නේ.. ඔයාට ඇත්තටම මං ආදරෙයි....... මොනවා උනත් පරිස්සමින් ඉන්න.... හොදට ඉගෙන ගෙන හොද තැනකට යන්න.... ජීවිතේම සතුටින් ඉන්න.... ඔයාගේ සතුට වෙනුවෙන් මන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ ඒ ටික.... බුදු සරණයි ඔයාට.....
Wednesday, July 3, 2013
නුඹෙන් දුටු පිළිරුවේ... අරුත ආදරය නම්..... වෙන කෙනෙක් නොව ලඳේ... මුළු හිතම ඉල්ලුවේ....
https://www.youtube.com/watch?v=BdFDHxyfZXY
මේ සිංදුවට පහල lyrics දාල කියල බලන්නකෝ.....හිතේ තියෙන දේවල් වලින් ලිව එකක්..... ඔයාටමයි ලිවේ නංගියෝ..... කොහොම හරි මේ මාස දෙකත් මං ඉවසන්නම්.....
හිනැහිලා.. සොඳුරියේ නුඹ ඇස් වලින්....
කියූ කතා.. තෙත් කරයි මගෙ ඇස් පියන්...
ගොළු වෙලා.. හිදින්නේ කෙලෙස මේ ලෙසින්....
කිව මැනේ.. වචනයක් හෝ ඔය මුවින්.....
තනි වෙච්ච හීනේ ඉඳන්.. නුඹේ රූපේ හිත මවන්...
රවටන්නෙමි.. මගේ හිතම හෙමි හෙමින්..... //
තනි වෙච්ච ජීවිතේ... කඳුළු වැටෙනා තරම්....
නොදැනේද සොඳුරියේ..නුඹේ හිතේ බිඳුවකින්.....
නුඹෙන් දුටු පිළිරුවේ... අරුත ආදරය නම්.....
වෙන කෙනෙක් නොව ලඳේ... මුළු හිතම ඉල්ලුවේ....
එක හිනාවක් නුඹේ.. අමා සුවයක් තරම්....
පන පොවයි මගේ හිතේ.. යන්තමින් මට හොරෙන්.....
ගුලි වෙච්ච හදවතේ.. පිරෙන හුස්මක් වගේ...
පෙම් කරමි මගේ ලඳේ.. ගන්න හුස්මක් තරම්.....

Tuesday, May 7, 2013
මතක පොත
දවස් 10කට නොවැඩි
අපේ ඒ මතක පොත
දිග හරිමි ඇස් පියන්
හෙමි හෙමින් සීරුවට....
නුඹ දුටුව මුල්ම දින
පටන් වුනු හැමදේම
මතක ඇති මේ හිතට
ආදරේ නැතිද නුඹ......
මතක පොත පිටු අතර
නුඹේ රුවම දකින විට
මටත් නොකියාම හිත
හිනැහුවා මුව මඩල......
දෙනෙත් හැර බැලූ විට
තනිව උන් මමම දැක
වියලිච්ච මුව මඩල
තෙත් කළා කඳුළු කැට......
අපේ ඒ මතක පොත
දිග හරිමි ඇස් පියන්
හෙමි හෙමින් සීරුවට....
නුඹ දුටුව මුල්ම දින
පටන් වුනු හැමදේම
මතක ඇති මේ හිතට
ආදරේ නැතිද නුඹ......
මතක පොත පිටු අතර
නුඹේ රුවම දකින විට
මටත් නොකියාම හිත
හිනැහුවා මුව මඩල......
දෙනෙත් හැර බැලූ විට
තනිව උන් මමම දැක
වියලිච්ච මුව මඩල
තෙත් කළා කඳුළු කැට......
Tuesday, April 9, 2013
------------- මධුසමය -----------------
දුහුල් ඇඳුමට වහන් වුනු නුඹේ - වතෙහි ඇඳි ඒ රූ රටා....
දෙනෙත් අබියස දකින විට හිත - පිරී යයි හැඟුමින් නුරා....
අද පටන් නුඹ සදාකාලිකව - මගෙම වෙන්නට ආ නිසා.....
තුරුළු වෙමු අපි දෙන්න රහසේම - තනි වෙච්ච මේ රැය පුරා......
දෙනෙත් අබියස දකින විට හිත - පිරී යයි හැඟුමින් නුරා....
අද පටන් නුඹ සදාකාලිකව - මගෙම වෙන්නට ආ නිසා.....
තුරුළු වෙමු අපි දෙන්න රහසේම - තනි වෙච්ච මේ රැය පුරා......
Monday, March 18, 2013
ආදරය............
ආදරය............
වෙලාවකට මටත් කියන්නෙම නැතුව මාව හිනස්සනව.....
තවත් වෙලාවකට හිතට දරාගන්න බැරි පාළුවක් දීල මාව හොදටම අඩවනවා...
මේ... දැනුත් ඇස් වල කඳුළු.... ඒ ඔයා මතක් වෙලා....
ඔයා මගේ ආදරය වෙලා ....... . ඒ කියන්නේ ඔයා මගේ මුළු ජීවිතේම වෙලා....
මගේ හැම හිනාවකම, මගේ ඇහෙන් වැටෙන හැම කඳුලකම අයිතිකාරි ඔයා වෙලා.....
ඔයා ජීවිතේටම මගේ ලඟ ඉන්නවනම් ඊට වඩා දෙයක් ඕනේ නෑ මට....
ඉක්මනට එන්න නංගියෝ......
මොකද...
හිනා වෙන වාර ගානට වඩා ඇස් වලට කඳුළු එන වාර ගාන එන්න එන්නම වැඩි වෙනවා.....
ඒ මේ හිත මට ආදරේ කරනවට වඩා ඔයාට ආදරේ කරන නිසා..........

Sunday, March 17, 2013
අනේ ආසයි මටත් - නුඹේ ලඟම සැනසෙන්න.......
ඔය ඇස් පියන් යට තියෙන - ආදරේ විඳගන්න.....
නුඹේ සුවඳ රැඳී සුසුමේ - වෙලී සැතපී ඉන්න.......
සිනිදු ඔය දෙතොල් වල - තෙතමනය විඳ ගන්න....
අනේ ආසයි මටත් - නුඹේ ලඟම සැනසෙන්න.......
සිනිදු ඔය දෙතොල් වල - තෙතමනය විඳ ගන්න....
අනේ ආසයි මටත් - නුඹේ ලඟම සැනසෙන්න.......
Thursday, February 21, 2013
කොච්චරක් ගත උනත් කාලේ... තාම මම මේ garage ගානේ.......
අනන්තයට යන පාර අයිනේ.....
අතරමගකදී නුඹව දුටුවේ.....
වැදුණු පාරට break මාගේ.....
ගැස්සුනා මුළු හිතම වාගේ.......
බැලුව විට නුඹ හොරාට වාගේ....
නැවතුනා engimaම මාගේ....
කොච්චරක් ගත උනත් කාලේ...
තාම මම මේ garage ගානේ.......
අතරමගකදී නුඹව දුටුවේ.....
වැදුණු පාරට break මාගේ.....
ගැස්සුනා මුළු හිතම වාගේ.......
බැලුව විට නුඹ හොරාට වාගේ....
නැවතුනා engimaම මාගේ....
කොච්චරක් ගත උනත් කාලේ...
තාම මම මේ garage ගානේ.......
Wednesday, February 13, 2013
නොදන්වා මට ඉකි ගසා හිත - හඬයි තනිවම ගොළු වෙලා........
සතුට රජ කල හිතක් අස්සට
දුක් සුසුම් බර වැඩි වෙලා......
අහංකාරෙට සිනාසුන ඇස්
කදුළු විත් අද බොඳ කළා......
නුඹේ සෙනෙහෙට මගේ හිත යට
බැඳුනු පෙම තව වැඩි වෙලා......
නොදන්වා මට ඉකි ගසා හිත
හඬයි තනිවම ගොළු වෙලා........
දුක් සුසුම් බර වැඩි වෙලා......
අහංකාරෙට සිනාසුන ඇස්
කදුළු විත් අද බොඳ කළා......
නුඹේ සෙනෙහෙට මගේ හිත යට
බැඳුනු පෙම තව වැඩි වෙලා......
නොදන්වා මට ඉකි ගසා හිත
හඬයි තනිවම ගොළු වෙලා........
Thursday, January 31, 2013
තෙත බරිත ඇස් දෙකම වියලාවී නුඹේ ඒ සිනා.......
හිත් අහසේ නුඹ ඇන්දු සිතුවිල්ල සේයා මවා....
මොහොතකට හිනැහෙන්නෙ නුඹ මාගෙ වේ යයි සිතා. .....
හිතවතියෙ නුඹ නැතිව දිවි ගමන තනි වේදෝ මා.....
ජීවිතය නුඹේ නමට ලියවීල අවසන් නිසා......
තනි වෙච්ච හීනෙකට පණ දීල නුඹ ආ නිසා. ..
තෙත බරිත ඇස් දෙකම වියලාවී නුඹේ ඒ සිනා....
දුර උන්නු නුඹේ රුවද ගෙන ආවෙ සුසුමක් නිසා..
අවසරද ලං වෙන්න ඔය හිතට ආදරෙයි සදා.....

Monday, January 28, 2013
සත්තටම මං ඔයාට ගොඩාක් ආදරෙයි.........
තුන් හිතකවත් නොවුනු....
හැගුම් මල්වර කරන්....
නුඹ ආව මගේ හිතට....
පැතුම් විකසිත කරන්....
රෑ හීනේ තනි වෙලා......
සිටින විට හිත පුරා........
හැගුම් පුබුදයි එදා.....
අපේ නෙත් කෙරු කතා.....
දෑස මත්තෙහි හිදින...
නුඹ මගේ නම් ඉතින්.....
අවසරද මියුලැසිය....
සිප ගන්න නුඹේ දෙතොල්......
හැගුම් මල්වර කරන්....
නුඹ ආව මගේ හිතට....
පැතුම් විකසිත කරන්....
රෑ හීනේ තනි වෙලා......
සිටින විට හිත පුරා........
හැගුම් පුබුදයි එදා.....
අපේ නෙත් කෙරු කතා.....
දෑස මත්තෙහි හිදින...
නුඹ මගේ නම් ඉතින්.....
අවසරද මියුලැසිය....
සිප ගන්න නුඹේ දෙතොල්......
Sunday, January 20, 2013
පණක් දෙන්නට....... අතරමගකට.... ඇවිත් යනු මැන.... තත්පරේකට.....
හීන අස්සට.... ගුලි වෙලා නුඹ...
ලියූ කවි පද.. හැගුම් පොදි බැද....
පේන මානෙට.... නුඹ ආව දින....
කියමි කවි නුඹේ... තුරුලේ වෙලීගෙන...
තොදොල් බස් නුඹේ... හිත පුරාවට....
අහන්නට හිත.... මවන හීනෙට.......
පණක් දෙන්නට....... අතරමගකට....
ඇවිත් යනු මැන.... තත්පරේකට.....
ලියූ කවි පද.. හැගුම් පොදි බැද....
පේන මානෙට.... නුඹ ආව දින....
කියමි කවි නුඹේ... තුරුලේ වෙලීගෙන...
තොදොල් බස් නුඹේ... හිත පුරාවට....
අහන්නට හිත.... මවන හීනෙට.......
පණක් දෙන්නට....... අතරමගකට....
ඇවිත් යනු මැන.... තත්පරේකට.....
Tuesday, January 8, 2013
වැටුණු කඳුලද - ඇහිඳ ගෙන මම............
නොදැන හිටියාට - නුඹේ වත ගොත....
දුක් විදිමි මම - හිත යටින් අද......
සොඳුරු වූ නුඹේ - උපන්දිනයට.....
අවසරත් නැත - සුබ පතන්නට.....
නොඇසුනත් නුඹ - හට මෙලෙස අද......
හදවතින් පතනා - පැතුම් ගොඩ...
වැටුණු කඳුලද - ඇහිඳ ගෙන මම....
පතන්නෙමි සුබ - දවස හෙට නුඹට........
අද තමා දැන ගත්තේ ඔයාගේ උපන්දිනේ දවස නංගියෝ......... පරක්කු උනාට සමා වෙන්න......හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉස්සරහ මුළු ජීවිතේම ලස්සන වෙන්න කියල...... ලබන අවුරුද්දෙවත් ඔයාට සුබ පතන්න මට අවසර තියේවි කියල මං බලන් ඉන්නවා... බුදු සරණයි ඔයාට......

Monday, January 7, 2013
තිත්ත කළුවරේ....
තිත්ත කළුවරේ....
ඈත කොනක මට.....
හීනියට පොඩි....
එළියක් පෙනේ.......
පෙනෙන ඒ පොඩි...
එලිය දෙස මම....
නෙත් යොමාගෙන....
ඉමි මෙසේ........
ඈත කොනක මට.....
හීනියට පොඩි....
එළියක් පෙනේ.......
පෙනෙන ඒ පොඩි...
එලිය දෙස මම....
නෙත් යොමාගෙන....
ඉමි මෙසේ........
Wednesday, January 2, 2013
ඉතින් සොදුරිය.... නුඹ නොමැති මේ.... රැයේ කෙලෙසකට.... ඇස් පියන්නද......
හීනයක් මට....
කීව නුඹ ගැන....
නුඹත් නිදි නැති....
වගක් රහසින....
නෙතු පියන් නුඹ....
යහන මත හිද....
මවන වග මා....
රුවම සිහියට......
ඉතින් සොදුරිය....
නුඹ නොමැති මේ....
රැයේ කෙලෙසකට....
ඇස් පියන්නද......
කීව නුඹ ගැන....
නුඹත් නිදි නැති....
වගක් රහසින....
නෙතු පියන් නුඹ....
යහන මත හිද....
මවන වග මා....
රුවම සිහියට......
ඉතින් සොදුරිය....
නුඹ නොමැති මේ....
රැයේ කෙලෙසකට....
ඇස් පියන්නද......
Subscribe to:
Comments (Atom)