Sunday, July 29, 2012



මේ ෆොටෝ එක මගේ යහළුවෙක් වන Piyumika Samarasekara විසින් මාතර පාලම උඩදී ගතපු එකක්..... ඒක දැක්කම මට හිතුනු දේ තමා මේ........

දුටුව විට මේ මිනිස් දුවව..
නැගේ කඳුලක් ඇසට.......
මෙවන් දූ වරුන් මේ කලෙට....
සිටින බව දැක ගැන්ම.....
ගෙනේ සතුටක් හදවතට.....

ලැජ්ජාව පසෙක ලා....

සුදු ගවුමද නොසලකා.....
තම යුතුකම පෙරටු කොට.....
ගනී වීරිය ඇගෙ දෑතට....

මෙවන් දියණියක් ලබනට.....

පින් කල යුතුය දෙමව්පිය.....
දූ වරුන් බොහොමයකට....
ඇගෙන් පාඩමක් ඉගෙන ගත හැක.....

Friday, July 27, 2012

...............නුඹ සහ මම..............


නුඹ......
ඇසට එක රුවක් පමණි......
මාගේ....
හදවතට හැගුම් සමුදායකි.....

නුඹ.....
මිහිමතට එක ජීවියෙකි.....
මා හට....
මුළු ලෝකයකි......

නුඹ.....
කෙල්ලන් අතර එක කෙල්ලෙකි.....
මා හට.....
කෙල්ලන් අතර සුරන්ගනාවියකි.....

නුඹ......
දෙවියන්ට එක මිනිස් දුවකි....
මා හට.....
මිනිසුන් අතර දෙව්දුවකි....

නුඹ.....
පිලිරුවින් දෙවියන් දකී......
මා.....
නුඹේ රුවින් දෙවියන් දකී........

Sunday, July 22, 2012

ඇත්තටම හිතට දැනුනු හැගීමක් මේ කියන්නේ නම්.... 

අහම්බෙන්වත්.....නුඹව දකින්නට....
වරම් නොලබන....
මගේ ඇස් දෙක......
රුදුරු කතරක....
සා පිපාසිත....
විටෙක පෙන්වන.....
මිරිගුවක් විලස........
අනේ දෙවියනි.....
මවා දෙනු මැන..

ඇගේ ඒ රුව....
මේ පිපාසිත.....
මගේ දෑස වෙත....
 


Saturday, July 21, 2012

මේ කවිය ඇත්තටම වෙච්ච දෙයක්..... ගිය බ්‍රහස්පතින්දා මන් කෝච්චියේ කොළබ යද්දී මගේ සීට් එක ඉස්සරහ උණු දෙයක්.... ඇත්තටම බලන් ඉන්න ආසයි....

චුට්ටන් ඇස් දෙකක්.....

ආච්චි තුරුලට වෙලා.....
බලාන ඇගෙ මව දිහා....
පුරවයි කදුළු නෙත් පුරා....

දමා ලොකු සද්දයක්.....

පැනල තුරුලට මවුගේ.....
ගැසී හරි බරි ඈ තුරුලේ.....
දකී සිහිනයක් සිය නෙතු වසා....

පාට රූපයක් දීල.....

පුංචි සිත රවටලා.....
මවුට සිදු විය බසින්න.....
අලුත්ගම ස්ටේසමින්....

වේදිකාව මතට වෙලා.....

බලයි ඇය පුංචි ඇස් දිහා.....
පුංචි ඇස් වලට වඩා.....
ඇගේ ඇස් රතු වෙලා.....

කිසිත් නොමදත් පැටික්කිය....

සිනා සෙයි අප දෙස බලා.....
සිටින විට ඇය දෙස බලා.....
ආසයි දෑතට ගන්නට වඩා .......
.

කට්ටිය මුකුත් හිතන්න එපා මේ එක දිගට පොස්ට් දාන් යන එක ගැන.... මොකද ඉක්මනට මේක පොඩ්ඩක් Share කරන්න ඕනේ කියල හිතුව.... ඉතින් මං ලියල තිබුණු පොස්ට් ටික සේරම වගේ දාලම ඒ වැඩේ කරන්න ඕනේ උන නිසා තම මේ එක දිගට මේ ටික දැම්මේ... :)
මේකනම් මං සැලූන් එකේ hair cut එකකට ගිහින් කට්ට කන අතරේ ආව අදහසක්....... හිතෙනවා එක ලස්සනයි කියල.....



.........පෙම්බරා එන තුරා..........

මා ප්‍රිය පෙම්බරාන.....

ගොඩාක් ඈතයි නුඹ මට.....
කෙදිනකවත් එවිදෝහෝයි නොමදැන...
නුඹ දිහා බලන් මම.....
පෙම් බදී තව නුඹටම.....

හිරු බැස ගිය කලට.....

පමණි අවසර ඇත්තේ දැකුමට නුඹව....
මසක දින කීපයකට.....
ඒ වරමද අහිමි වෙයි මට......

රෑ පුරා නුඹ සිටින....

දෙස බලා සිටින මම....
පුරන පෙම් සිතක් ගැන.....
නුඹට නොදැනෙන්නේ කිමද......

ඉතින් මා පෙම්වතාන.......

සඳෙන් බැස මිහිමතට.....
එන තුරා නුඹ මා වෙතට....
මග බලා සිටිනු මිස.....
වෙන කුමක් කරනු මම.....

------------සඳ හාවාට පෙම් බදින හා යුවතියක්---------------
මේ කවියේ පද දෙකක්, මගේ හොදම යාලුවෙක් වන Shayanga සහෝදරයාගේ කවියක පද දෙකක අනුසාරයෙන් ගත්ත අදහසක් කියල කියන්න ඕනේ ඔයාලා මේ කවිය කියවන්න කලින්.........

හදවතට උහුලගන්න......

බැරිම වේදනාවකදී....
හදවතේ ගලන ලේ බින්දු....
ඇස් වලින් ගලා එද්දී....
හදවතටත්.....
හදවතක් තිබුනානම්.....
එය කියාවි මෙලෙසට....
"නාඩ ඉදින් බන්....
ඕක තමා අපිට උරුම දේ....."
මේ කවියේ එක පදේකට මන් ගොඩාක් ආසයි...... ආදරෙයි කියලත් හිතනවා.... :) :)

අස්ථිර වූ සිත් ගැබක් තුල.....
ස්ථිර වූ ආලයක් පිලිබදව.....
මටද සිතන්නට සිදු වී ඇත......
ඒ පවිත්‍ර වූ ආලය.....
ලැබෙන නොලැබෙන වග......
දන්නෙ දෙවියන්ම පමණි....
උදේ පාන්දරට වැස්සක් වහිනවා කියන්නේ නම් මට මෙලෝම රහක් නැති වැඩක් අප්පා.....

අයියෝ වැස්ස.....
මේ උදේ පාන්දර....
නෑවිදින් ඉන්නට.....
නොහැකියිද 
නුඹහට.....

උදේ පාන්දර....

නැගිටින වෙලාවට.....

නුඹේ චුරු චුරුව....
නැවත නැවතත්......
දෑස පියවයි නොදන්වාම....

Tuesday, July 17, 2012

ගොඩක් රෑ වුනු වෙලාවට ජනෙලේ එල්ලිලා කළුවර දිහා බලන් ඉන්න එක සමහර දවසට ඇත්තටම මං කරන දෙයක්..... ඒ වෙලාවට හිතට දැනෙන දේවල් කියන්න මටවත් තේරෙන්නේ නෑ......
ඒ වගේ වෙලාවක හිතුනු දෙයක් තමා මේ ඇත්තටම කියල තියෙන්නේ...... හොදද කියල කියන්නකෝ..... :)


පාළුව දැනුනු රාත්‍රියක.....

ජනේල දැලේ එල්ලිලා....
තිත්ත කළුවර දිහාව.........
බලාන ඉන්නකොට.......
හදවත යටට වෙලා........
සැපට නිදන ඔබේ රුවින්....
මනසෙහි සිත්තමක් කරන්නට....
පුංචි හරි තල්ලුවක්......
ඔබෙන් ලැබෙනවනම්......................

Sunday, July 15, 2012


හැමදාමත් මන් අසාවෙන් මගේම කර ගන්න ඉන්න දේ ගැනත් ලියල දන්නා හිතුනා.....මොන දේ උනත් ලබන දෙසැම්බර් වලට ඉස්සෙල්ල මේක මගේ ලගට ගන්නවා ගන්නවාමයි........
මොකද දෙසැම්බර් වල ලොකු වැඩක් තියෙනවා කරන්න....... :D :D :D

මේ ඉන්නේ එය තමා......


                                  

සල්ලි නැමති හෙනහුරා නිසා.......
ඔබත් මත අද දෙතැනක වෙලා...........
පොරොන්දු වෙන්නම් එනමුදු.......
ලබන දෙසම්බරේට පෙර.........
ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු....
මගේම කර ගනිමි කියා..........
එතකන් ප්‍රිය camera වෙනි......
සිටිනු මැනේ ඉවසාල......

ඔබට සිත ආදරේ කරයි......

අතේ සතයක් නැති..........
ඔබව මගෙ ලගට..... ගන්නට බැරුව......
මගේ සිත වේදනා විදි.......

Thursday, July 12, 2012

හිරු ගැන පොඩි අදහසක්.......



හිරු.........
චණ්ඩය....
රුදුරුය......
සැර පරුෂය.......
නමුදු....
හිරු නොමැති කලෙක.....
අපද ලොවෙත් නැත.........

Tuesday, July 10, 2012

මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ මටම..... ඔයාලම මේකට මොනා හරි කියන්නකෝ.....
 


අවුරුදු ගානක් තිස්සේ....
නියගයක් වගේ තිබුණු මගේ හිතට...
පුංචි හීන් පොදයක් වෙලා....
ඔයා ඇදහැළුණු දවසේ ඉදන්...
ඒ හීන් පොද...
මහා මුරුගසන් වැස්සක් වෙලා...
මගේ හිතටම වැටෙනකන්....
ගොඩාක් අසාවෙන්.....
ඇගිලි ගැන ගැන මේ බලන් ඉන්නේ මං.....
එත්....
ඒ හීන් පොද....
මහා හුලගක් ඇවිත්.......
ගසා ගෙන ගියොත්.................................

Monday, July 9, 2012

ජීවිතේටවත් බ්ලොග් එකක් පටන් ගන්න තියා එක කිවියක් ලියන්න හිතුවෙ නැති මගේ හිතට, පළවෙනියටම කවි පද ටිකක් කියල ආවේ මෙන්න මේ සිතුවිලි ඩිංග...... මේකට හේතු වෙලානම් තියෙන්නේ පුංචි නංගියෙක් තමා..... ඒත් වැඩේ කොච්චර දුරට හරි යයිද කියලනම් දන්නේ නෑ.... මොන උනත් එයා වෙනුවෙන් තමා ඉස්සෙල්ලම කවි පදයක් මගේ අතින් ලිය උනේ..... බලන්නකෝ හොදද කියල..... කවද හරි පුළුවන් උනොත් එයටත් පෙන්නන්න පුළුවන්නේ..... ;)

ඔයාගේ නමින්...
පෙරුම් පුරන හිතක් වෙනුවෙන්....
බලාන ඉන්න කියල......
කියන්න අවසර නැති උනත්....
ඔයා වෙනුවෙන්......
මේ ගෙවන හැම තත්පරයකටම....
මතු දිනකදිවත්......
වටිනකමක් දුන්නොත්....
ඔයාට ගොඩක් පින් නංගෝ......