Saturday, August 31, 2013

අන්තිමට.................

මෙච්චර දවසක් බලන් හිටියා නංගියෝ..... ඒ කියන්නේ හරියටම කියනවනම් අවුරුද්දයි මාස අටකටත් වැඩිය... ඒ එක සැරයක්වත් ඔයාගේ ඔය කටහඩවත් අහන්නේ නැතුව.... ඔයා වෙනුවෙන් දරා ගන්න බැරි තරම් ඉවසීමක් ඉවසුව මං... ජීවිතේට හිතුවේ නෑ එච්චර කෙල්ලෙක් වෙනුවෙන් බලන් ඉදී කියල මම.... එත් ඔය වෙනුවෙන් ඉවසුව.... ඔයාව දකින්න කොච්චරවත් ඕනේ උනත් ඔයාගේ clzz එකක් ගාවටවත් ආවේ නැත්තේ ඔයාට වදයක් වෙන්න බැරි නිසා... ඔයාට ඉගෙන ගන්න දෙන්න ඕනේ නිසා..... ඒ සේරම ඔයත් දන්නවා.... දැන් exam සේරම ඉවරයි නේ නංගියෝ.... එත් ඔයා කියන්නෙම එකම දේ.... මන් දන්නේ නෑ කවද වෙනකන් මට මේක ඉවසන්න පුළුවන් වෙයිද කියල..... මට තේරෙන විදියට ඔයාට මං ගැන කිසිම හැගීමක් නෑ වගේ නංගියෝ..... ඇයි එහෙම උනේ කියන්න මන් දන්නේ නෑ.... සමහරවිට ඔයාට මං ආදරේ කරන විදිය දැනෙන්නේ නැතුව ඇති.... ඒත් මීට වඩා ආදරේ කරන්න මං දන්නේ නෑ... ආදරේ ඉල්ලගෙන මට ඔයාගේ කකුල් දෙක මුල වැඩ වැටෙන්නත් බෑ නංගියෝ..... මොනවා කිවත් මං ඔයාට මගේ හදවතින්ම තාමත් ආදරෙයි..... ඒකයි මේ සැරින් සැරේට ඇස් වලට කඳුළු එන්නේ.... හැමෝමත් එක්ක හිනහ වෙලා සතුටින් කතා කර කර හිටියට මගේ හිත තාම ඔයා නිසා අඩනවා නංගි..... ඔයාට ඒක කවදාවත් තේරෙන එකක් නැති වෙයි.... ආරංචි වෙන දේවල් ඇත්තද බොරුද කියල මන් හොයන්න යන්නේ නෑ.... මොකද මට ඕනේ ඔයාගේ හිතේ මං ගැන මොකද්ද තියෙන්නේ කියන එක දැන ගන්න විතරයි.... එකයි ඔයාගෙම කටහඩින් අවසන් තිරණය අහ ගන්න ඕනේ මට.....තව ටික දවසයි නංගියෝ.... බොහොම පොඩි දවසයි..... අන්තිමටත් ඔයා කියන්නේ අම්ම කැමති නැති නිසා කැමති නෑ කියන කතාව නම් මං යන්නම යනවා.... ඊට පස්සේ ඔයා ගැන බින්දුවක්වත් මං හොයන්නේ නෑ.... මගේ නමවත් ඔයාගේ කනට වැටෙන එකක් නෑ.... එදාට ඔයාට මොනවා හිතුනත් ආපහු මං හැරෙන්නෙත් නෑ..... මොකද මට මීට වැඩ ආදරේ කරන්න බැරි නිසා.... ආදරේ කරන්න මං දන්නේ නැති නිසා...... මගේ මුළු හදවතින්මයි නංගියෝ කියන්නේ.. ඔයාට ඇත්තටම මං ආදරෙයි....... මොනවා උනත් පරිස්සමින් ඉන්න.... හොදට ඉගෙන ගෙන හොද තැනකට යන්න.... ජීවිතේම සතුටින් ඉන්න.... ඔයාගේ සතුට වෙනුවෙන් මන් හදවතින්ම ප්‍රර්ථනා කරන්නේ ඒ ටික.... බුදු සරණයි ඔයාට.....

4 comments:

වැසි දැරිය - The Rain Girl said...

හැබැයි අපි ආදරේ කරන්න ඕනේ අපි ආදරේ කෙනෙක්ටම නෙවෙයි අය්යේ අපිටත් ආදරේ කෙනෙක්ට.

Hansa Sagara said...

මන් ඒක දන්නවා නංගි.... ඒත් මං හිතන් හිටියේ එයත් මට ආදරේ වෙයි කියල..... මටත් ආදරේ කරන කව්රු හරි ඉදීවිනේ... එයාව හම්බුනාම ආපහු ආදරේ කරනවා.... එතකං මං මගේ ජීවිතේ හද ගන්නවා.... :) :)

Unknown said...

වර්ශා හරියටම හරි...මොන විදියට කවුරු ගැන හිතුවත් අන්තිමට මං නතර වුණෙත් මට ආදරේ කරන කෙනක් ගාව....එහෙම බලද්දි වර්ශා කියන කතාවේ ලොකු තේරුමක් තියෙනවා මල්ලි...හිමින් සීරුවෙ හිතලා බලලා තීරණයක් ගනින්...තමන් කොච්චර ආදරේ කලත් ඒ ආදරේ කරන්නේ උඹේ ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක්ට නම් එතනදි උඹට ලැබෙන්න ඕන දේ හරියට ලැබෙන්නෙත් නැතුව උඹේ ආදරේ අගේකුත් නැතුව යනවා අන්තිමට...තාන්න මාන්න වලට ආදරේ කරන බොරු තත්ව වලින් ඔළුව උදුම්මන් ඉන්න අහංකාර මිනිස්සුන්ගෙ කතා වලට නැවිලා ඉන්නවට එයාට මුකුත් කියන්නත් බෑඅ, ඒ නිසා මං හිතන විදියට කාලය හොඳම විසඳුම ලබලා දේවි, මෙතෙක් උඹට හොඳම විසඳුම් දුන්නේත් කාලයම තමයි, ඒක උඹේ ගැන දන්න හැමෝම හොඳින් දන්න දෙයක්නේ මල්ලි...ඉවසීමෙන් හිටපන්, ඕන දේකට අපිත් ඉන්නවා, උඹට වරදින්නේ නෑ, උඹේ ආදරේ තේරුම් ගත්තු, උඹටත් ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබෙනවනම් තමා අපි නම් කැමති...ජය වේවා...!!!!

Hansa Sagara said...

හ්ම්ම්ම්ම් මන් කියන්නෙත් වෙන්න තියන හොදම දේ වෙයි.... එයා නෙමේනම් මගේ ජීවිතේට එන්න ඉන්නේ කරන්න දෙයක් නෑ...