Tuesday, September 25, 2012

හදවතින්ම නුඹට පිදෙන තිළිණයක්....


නුඹේ රුව මා සිත හොරා ගෙන...
තටු සලා යයි හද උමතු කොට......
ලැබෙන නොලැබෙනා වගක් නොම දැන...
පුරයි පෙරුමන් උමතු වූ හද.....

අමාවක දුර නොමැති සදකට....
පෙමින් වෙලෙනා නීල තරු කැල...
අමාවක දා සද නොමැති වග...
දැන දැනත් පෙම් කරයි උමතුව...

3 comments:

Surrrprize said...

කලා සපුරා එන්ට සැරසෙන දිනය එනතුරු ඉවසමින්...
සැඳෑ අහසේ වලා සිඹිමින් පුරා සඳ නැඟ එන ලෙසින්...
අමාවකදා සොවින් ලතැවුණු තරු සිනා විසිරූ ලෙසින්...
මගේ හද පතුලින් පතන්නෙමි නුඹෙ පැතුම් ඉටු වන ලෙසින්....!!!!!

ලස්සන නිර්මාණයක් මල්ලි...අපූර්ව සුන්දරත්වයක් මේ නිර්මාණය තුළ ගැබ් වෙලා තියෙනවා..:) :)

Anonymous said...

වෙනද වගේම ලස්සනයි..මොකෝ මේ ටිකේ අඩුවෙන්ද ලියන්නේ ආ??

Hansa Sagara said...

Thnks akkiooo :)

And Hiru - Ow ane me dawas tike liyana ekanam adu una... Thnks hode cmnt ekata... :)