සඳ වෙත සෙනෙහසින් ලියමි.........
සඳ....
ඔයා ගොඩක් ඈතට වෙලත්...
හුගක් එලිය දෙනවා මට....
එත් ටිකෙන් ටික ටිකෙන් ටික...
ඔයා ඈතට ඇදෙනවද කියල හිතෙනවා..............
යන්න එපා ඈතට හොදේ....
එතකොට මට කළුවරයි නේ....
අනික ඔයාගේ ලස්සනත් අඩු වේවි එතකොට....
ඔය ඉන්න විදියටම..
හැමදාම මට බලන්න පුළුවන් වෙන්න ඉන්න....
නැත්නම් මට හුගක් පාළු හිතෙයි....
මොකද.....
මටත් වඩා මං ඔයාට ගොඩක් ආදරේ කරන නිසා..............
(ඔයත් හරියටම මේ හඳ වගේ..... කියන්නේ හඳට උනාට, ඔයා වෙනුවෙන්මයි මේ දේ..................... )
6 comments:
හ්ම්ම්.. වෙනද වගේම හංසයාගෙන් ලස්සන කවියක්..:)
මල්ලි ගේ පද පේළි ටික ලස්සනයි...මටත් පොඩි යමක් එකතු කරන්න හිතුණා මේක දැක්කම....
ඇත්තටම
ඔය වගේ හිතුවට....
හඳ වුණත් හැමදාම එන්නෙ නෑ නෙ...
අමාවක දවසකුත් තියෙනවා...
ඒත්...
අමාවකත් හැමදාම නෑ...
එක දවසයි නෙ තියෙන්නෙ නේද?
අහස ඒක දන්න නිසා අහස අඬන්නෙ නෑ...
එදාට තරු ටිකත් එක්ක හඳ නැති දුක දරාගෙන ඉන්නවා....
ඒ හෙට අනිවාර්යෙන්ම
හඳ ආයිත් එන බව දන්න නිසා....
අහස ඒක අමතක කරන්නෙ නෑ...
කවදාවත් හඳ නොපායා ඉන්නෙත් නෑ....
ඒ විස්වාසෙ අහසට තියෙන්න ඕන....
දරා ගන්නම බැරි වුණාම වැස්ස වගෙ කඳුළු පොලොවට වැටෙනවා තමා....
ඒත්...
ඒවා වැටෙනවා මිසක් අහසෙ රැඳෙන්නෙ නෑ...
පොලොවට උරා ගත්තු හැටියෙම නොපෙනී යනවා...
අහස තමන්ගෙ දුක එහෙමයි නිහඬව මුළු ලෝකෙටම කියන්නේ...
තව දෙයක්....
හඳ පායල මුළු අහසම එළිය වෙලා තියෙද්දිත් වැස්ස වැටෙන්න පුළුවන්....
එහෙම බලද්දි
හඳ ඈතට යනව දැනෙද්දිම විතරක් නෙවේ
කඳුළු එන්නෙ...
හඳ අහසෙන් ඈත් නොවීම තියෙද්දිත්,
හඳ එළිය මුළු අහසම එලි කරලා තියෙද්දි පවා, වැස්ස වැටෙන්න පුලුවන් කියලා
අහස තේරුම් අරගන්න ඕන.....
ඈත එපිට සක්වල පෙනෙන නොපෙනෙන මානෙක තියෙන පුංචි උල්කාපාත, කුණාටු වලට බය වෙලා අහස අඬන්න ඕනම නෑ
මොකද අහස විස්වාස කරන්න ඕන ඒ කිසි දෙයක් නිසා හඳ අහසට අහිමි වෙන්නෙ නෑ කියලා...
:) ammooooo hadanam marai..... :D ahasa lesiyata kada path wenne na.... :D hada innawanm ideeewi... natnam yaawi..... eka ithin hade kamattane... :) api hamoma manussayo wage e katawa balagena imu mokada wenne kiyala.... :D
And thnks ravio... (Y)
මාරම ලස්සනයි..
මම ගොඩක් කැමතියි මේ පදටිකට..:)
අපූරුයි මිත්රයා :)
ගොඩක් ස්තුති හිරු and රූ.... :)
Post a Comment