Friday, November 16, 2012

ආදරේ නාමයෙන් මාගේ... අවසරද මියැදෙන්න තුරුලේ....

දෙව් දුවක් වූ නුඹගේ සෙවනේ.....
ඇලී ගැලලි සිටින මොහොතේ...
අහස කුස හෙලු කදුළු බිදුවෙන්...
සැගඋනා  ඒ සිහින රහසේ.....

නෙතු පියන හැම මොහොත ගානේ...
මැවුණු එකම රුව නුඹගේ වුයේ...
වරක් දැක ගන්නට ඇවසියෙන්....
නෙතු පියන් යට කදුළු මැවුනේ....

නුඹව දුටු ඒ මුල්ම දිනයේ.......
හදවතත් මට අහිමි වුයේ...
ආදරේ නාමයෙන් මාගේ...
අවසරද මියැදෙන්න තුරුලේ....

2 comments:

Surrrprize said...

නොවෙනස්ව එක සිතින් ඇයවම...
පතා පිරු පෙරුමන් දැනී නිති..
ලබන සුබ දින මොහොත එනතුරු...
ආදරෙන් ඇය මග බලාවී...

පැතුම් ඉටුවී සිනහ ඉතිරී..
සෙනෙහසේ ගඟුලැල්ලෙ කිමිදී..
නුඹේ මැදුරේ රැජිණ වී ඇය..
කිරුළු පලඳින දින උදාවී..

ඇය ගැනම නුඹ මැවූ සිහිනද...
ඇගෙ සිහින හා මුසු කරාවි...
නුඹ ඇගෙම වන සොඳුරු දින ඒ...
විසල් සිහිනය සැබෑ වේවී...!!!!!

මේ දවස් වල වැඩ වැඩි නිසාදෝ මන්දා ලස්සනට කවි පද ගෙතෙන්නෙත් නෑ වගේ මල්ලියේ...ඒත් ඉතිං උඹ දන්නවනෙ බං මේ අක්කා ඉතිං උඹේ හිතේ තියන ඒකායන ප්‍රාර්ථනාව සැබෑ වෙන්න කියලා හදවතින්ම පතන බව...
උඹේ නිර්මාණය නම්
හැමදාමත් වගේ හරිම අහිංසක ලස්සන නිර්මාණයක්...ආදරණීය ගීතයකටත් සුදුසු පද වැලක් වගෙත් දැනෙනවා......
ජය වේවා හොඳේ...!!!!! :) :)

Hansa Sagara said...

thnku hode.... :) sindu hadeema gana pasuwata balamuko.... :D