Wednesday, November 7, 2012

චුට්ටන් හිච්චා...................

චුට්ටන් හිච්චා....
අම්මට හොරට....
ඇවිදින් උඩහට....
මා දැක ගන්නට....

කන් පාත් කරන්.......
නැට්ටත් වනමින්...
හෙමීට ඇවිදින්...
කැරකුණේ ඇද ලග......

ඔලුවත් අතගා...
බෙල්ලත් කසලා....
හුරුතල් කරලා....
තිව්වනේ බව්වා........

ඇද ලග කැරකී..
කකුලත් ලෙවකා....
බිම ලැග ගත්තනේ...
මගේ හොද බව්වා......

හිච්චි කුකූ දැන්...
යන්නකෝ එලියට....
හොද බව්වනේ උඹ....
කියනෙක අහලා.....

කන් දෙක උස්සා....
හෙමෙහිට බලලා....
පිම්මට දිව්වා....
චුට්ටන් හිච්චා.....

2 comments:

Surrrprize said...

harima lassnata bawwa patiya gana liyala...apith chuttan hichchawa adaren matak kala kiyala kiyanna hode malayo...:D :D

රවින් said...

උඹට කමෙන්ට් කරන්න ආපු අහම දවසෙම මොකක් හරි වෙනවා බං.. ඊට පස්සේ අමතක වෙනවා... මේ පාර නම් හරි වගේ..:D

බව්වා එල ය...කවි පෙළ ඊට වඩා එල ය..