Wednesday, August 1, 2012

හෙට මගෙ උපන්දිනය යාලුවනේ..... ඉතින් මගේ ඒ දවස අදාල කෙනාට අදාල කරලා ලීව දෙයක් තමා මේ.....

මීට විසිතුන් වසරකට......

පෙරාතුව රෝහලක ඇදක් මත....
රත්තරන් අම්ම කෙනෙක්....
ගනී තම ඇගිලි තුඩු....
හෙට දවස එන තුරා.......

දරන්නට බැරි වේදනාවක්.....

සතුටින්ම දරා ගෙන......
මා මෙලොවට බිහි කරන්න......
සිටි මග බල බලා.....

කඳුළු වැල් ගලා යද්දී.....

කදුළු අතරින් සිනා සෙමින්....
දෝතට ගෙන මාව.....
සිප ගනී ආදරෙන්......

තම ඇගේ ගලන ලේ....

කිරි වලට පෙරලවා....
මගෙ සාගින්න නිවාලූ.....
ඔබයි මගෙ ජීවිතේ........

ඉතින් මා පොරොන්දු වෙමි.....

මින් ඉදිරි දිනයකට.....
එක කඳුළු බිඳක්වත්....
නොගෙනෙන්න නුඹේ ඇසට....

ඇය ලෙසටම මගෙ දිවියට....

ධෛර්යය දුන් පියාණන්ද.......
ආදරෙන් සිහි කරමි....
හෙට වන් දිනයකදා........

No comments: