හිරු එළියෙන් මල්වර වී
පිනි බින්දුවෙන් මුහුණ දොවා
ලජ්ජාවෙන් පෙති විහිදා
පොපියන්නට සැරසෙන
ලස්සන මල් කැකුලියක සේ
පෙනෙයි මගේ නෙතගට නුඹ......
හැමදාමත් පාන්දරට
දැකගන්නට නුඹව මෙලෙස
පිපියන් මගේ නෙතු අද්දර
එයයි මගේ එකම පැතුම.....
පැතුමන් පොඩි එකතු වෙලා
හිත අද්දර දොරේ ගලයි....
දොරේ ගලන හිත අද්දර
නුඹ නවතිවිදෝ සැකයි.....
හැමදාමත් පාන්දරට
දැකගන්නට නුඹව මෙලෙස
පිපියන් මගේ නෙතු අද්දර
එයයි මගේ එකම පැතුම.....
පැතුමන් පොඩි එකතු වෙලා
හිත අද්දර දොරේ ගලයි....
දොරේ ගලන හිත අද්දර
නුඹ නවතිවිදෝ සැකයි.....
No comments:
Post a Comment