සිටිමි නුඹේ මතු දවස සුබ කෙරුමට....
අරුතක් නොදන්න අකුරු හතරකට...
කවි පද ලියවෙයි නොදැනීම සිත යට..
ලියවෙන ඒ පදවල අයිතිය ලබනට...
නොදැනීම නුඹේ නම එයි ඉදිරියටම....
හිත යට හිනැහෙන නුඹේ ඔය රුව දෙස..
බලාන ඉන්නෙමි වසා මගේ නෙතු...
ආසයි දකින්න හැබැහින් ඔය නෙතුයුග...
හැකිනම් එනු මැන මගෙ දෑස මානෙට...
දන්නවනම් නුඹ පතන පැතුම් මම...
නොඉදී කෙදිනකවත් නුඹ මේ ලෙස.....
හිත තුල තද කරගෙන හැගුමන් මම...
සිටිමි නුඹේ මතු දවස සුබ කෙරුමට....
2 comments:
එයාට කියුවනම් හරි හලෝ....හිත නිදහස්! නිර්මාණය අපූරුයි හ්ම්ම් :)
:) bane podi kalayak inna wenawa mata... :P thnks dr... :)
Post a Comment