Saturday, August 18, 2012

මේක මං train එකට නැගල train එක අද්දනකන් ඉදිද්දී දැකපු ඇත්තම සිදු වීමක්..... ඉතින් උදේ පාන්දරම නිසා කවි පද ටිකක් ලිය උනා
 


කහ පාට මල් තුනක්
වැහි පොදට සීතලෙන්
තුරුළු වී එකිනෙකට
විද ගනී උණුසුමක්........

මේඝයක් විත් ක්ෂණික

මල් තුනෙන් මල් දෙකක්
නටු අගින් ගිලිහවා
පතිත ලයි පොලොව මත......

තනි වූ මල් කැකුල

සීතලෙන් ගැහි ගැහී
හැරී මහා පොලව මත
සොයයි පෙර විදපු උණුහුම.......

2 comments:

Anonymous said...

අන්තිම කවිය මාරම විදිහට හිතට දැනෙනවා..

Hansa Sagara said...

thnks buddy..... :)