Sunday, August 26, 2012

UNTITLED

දුටුවෙමි ලස්සන යුවතියක්
සුරතල් වේවි
හිනැහෙන අන්දම
ඇගෙ සොහොයුරා සමග....

මේ දසුන දුටුව කල
දවාලිය මසිතම
පුංචි කල පටන් මට
පැනනැගුනු තනිකමට....

එක කුස උපන් නැගණියක්
නොමැති වූ තනිකමින්
පෙලිමි මම මුළු හදින්
සත්තටම පෙර පටන්...

අප අතරට එන්න පෙරම
යන්න ගිය ඒ සුරංගනාවිය
සිටියානම් අප අතරෙහිම
සුන්දරයි ඒ ජීවිතයම.....

පද පේලි නොම එයි
සිත හැගුම් පවසන්න
මුළු හදින් පෙම් බදිමි
සිහිනයක් වූ මගේ නැගණියට...

6 comments:

Anonymous said...

මට හෙන අවුල් අප්ප මේක කියවල.....:(

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සනයි..මටත් පොඩ්ඩක් අවුල් වගේ තමයි.

Hansa Sagara said...

thnks guyzzz..... :) <3

And Hiru thtz life and we have to face to it.... :)

Surrrprize said...

ම'සිතටත් හොරා නෙත සොයා ආ කඳුලැල්ල....
මදක් ගොළු කරවීය මුව පිරූ හසරැල්ල...
විසි වසක් එහා පියඹා ගියා සිතුවිල්ල...
දැනුණි නැත තවම අඩුවක් සිතෙහි ලතැවිල්ල...

නුඹෙ නැඟණි නැති සොවින් නුඹත් දුක දරන සේ..
මගෙ මළනු නැති අඩුව කියන්නද මා කෙසේ..
එනතුරා කිරි සුවඳ බලා සිටි සිත් ලෙසේ...
දිටිමි මවු කිරි බිංදු ගැලූ සැටි කඳුළු සේ....

සොයුර නුඹ සිත දවන පාළුව දැනේ මට වෙනසක් නැතී...
හිමි නොවූ ඒ සොයුරු දම සිත පුරා සක්මන් කල සැටී....
මගේ මලණුයි, නුඹේ නැඟණියි කොහේ හෝ ඉපදී ඇතී...
අප සොයුරු පෙම විඳිනු රිසි ඒ සිත් පෙරුම් පුරනව ඇතී....!!!!!!!!!!

:) hmmmmm ekanam ehema tama akke...