Thursday, July 12, 2012

හිරු ගැන පොඩි අදහසක්.......



හිරු.........
චණ්ඩය....
රුදුරුය......
සැර පරුෂය.......
නමුදු....
හිරු නොමැති කලෙක.....
අපද ලොවෙත් නැත.........

5 comments:

Surrrprize said...

සඳු.....
මොලකැටිය......
සුසිනිඳුය.....
සියුමැලිය....
සඳු නැතිව දවසක් ගෙවන්නට ලොවට හැකිය....
ඒ.....
තරු ඇති නිසා වෙන්නැති.....:)

Hansa Sagara said...

හිරු නොමැති කලෙක.....
අපද ලොවෙත් නැත කීවද....
ඒ පද වලෙන් මම.......
සදුට අගරුවක් කලේ නැත කිසිදින......

අහිංසක සදවත......
සිත රිදුනිනම් ඔබගේ.....
සමා වනු මැන......
මේ චණ්ඩ හිරු හට......

Surrrprize said...

සඳුට අපමණ දුක සිතුනද....
සඳු හිරුට දොස් නොනගයි කිසි විට....
සඳුත් එලිය ලබනුයේ හිරු ගෙන්ම වන නිසා...
කොපමණ හිරු රැසින් දැවුනද...
සඳු ඉවසා දරා සිටී දුක් කඳ.....!!!!

Hansa Sagara said...

ඉතින් මා සදවතිය......
කීවෙමි එලෙස මා අදහස් නොකළ වග......
තේරුම් ගනු මැනවි හිරු ගේ වචන පෙළ.....
හිරු කිසි දිනෙක සදු හට ගරහා නොමැත......

Surrrprize said...

හිරු රැසින් ඔකඳ වී විකසිත වු පියුම් දැක....
සඳු සතුටු වන අයුරු ඇය පමණි දන්නේ පුත...!!
හිරු ගෙ තෙද දකින සඳු සිත් තැවුල් නොවී හිඳ...
සෑමදා හිරු ළඟම සවිය වී රැඳෙනු ඇත...!!!!!